(දයාරත්න ඇඹෝගම)
කහටගස්දිගිලිය කුකුළෑව දීඝාභය පාසල් භූමිය තුළ තිබී අද (6) ඩෙටනේටර තුනක් සහ සේවා නූල් හමුවීම හේතුවෙන් පාසල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව විදුහල්පති අයි.එම්.මහින්ද මහතා පැවසීය.
පාසල විවෘත කිරීමට පෙර එහි සිසුන්ගේ දෙමාපියන් පිරිසක් විද්‍යාල භූමිය තුළ කළ සෝදිසියේදී පොලිතින් බෑගයක දමා තිබූ මෙම ඩෙටනේටර් සහ සේවානූල් අද පෙරවරුවේදී සොයා ගෙන තිබුණි.
විදුහල්පතිවරයා විසින් මේ බව පොලිසියට සහ යුද හමුදාවට දන්වා පාසල් භූමිය පූර්ණ පරීක්ෂාවකට ලක් කළද සැකසහිත වෙනත් කිසිවක් හමු නොවූ බව විදුහල්පතිවරයා සඳහන් කළේය.
සිද්ධියෙන් බිය පත්වූ මව්පියවරු පාසලට පැමිණ සිසුන් නිවෙස්වලට රැගෙන ගියහ.
සිසුන් මෙදින පාසලට නොපැමිණියද ගුරු මණ්ඩලය සහ තමන් රාජකාරියේ නිරතවන බවද විදුහල්පතිවරයා පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd