(යොහාන් භාසුර)

ඕස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරු සහ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසුවේ තමන් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු හරහා ඒ පිළිබඳව කටයුතු කරමින් සිටින බවයි.