(යොහාන් භාසුර)
එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවත දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකා පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, තුන් ඉරියව් ක්‍රීඩක, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙසේ වසර ජාත්‍යන්තර ක්‍රිකට් තහනමකට සහ රුපියල් කෝටිය බැගින් වන දඩයකට යටත්ව සිටිති.
කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට පසුගියදා පැමිණි අවස්ථාවේදී ඔවුන්ට උපදෙස් දී පිටත්කර හැරි බව කී එම උසස් නිලධාරියා දඬුවමට පරිදි මනෝ වෛද්‍ය උපදෙස් ගෙන යහමඟ පත්වුවහොත් දෙසැම්බර් මස පැවැත්වෙන එස්.එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබාදීම ගැන සළකා බලන බව දැනුම් දුන් බව සඳහන් කළේය.
ධනුෂ්ක ගුණතිලක විදේශගතව සිටීම නිසා පැමිණීමට නොහැකි වීමෙන් පසුව එන බව දැනුම්දී තිබූ බවත් ඔහු නැවත පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දුන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කවුරුවත් පැත්ත පළාතේ වද්ද ගන්න එපා.
මේ ගොල්ලා ගත්තොත් දැනට සිටින කණ්ඩායමේ දක්ෂතා සහ විනය අනිවාර්යයෙන්ම පහළ වැටෙනවා .පසු ගිය එක්දින තරඟාවලිය මේ ගොල්ලා හිටියා නම් අනිවාර්යයෙන් පරදිනවා .මේ ගොල්ලට මේ දීපු දඬුවම මදි .අවම වශයෙන් අවුරුදු 2 ක් සහ කෝටි 2 ක් වත් දඩයකට මේ ගොල්ලා යටත් කරන්න ඕනේ
පට්ට වදයක්නෙ දෙන්නෙ
බින්දුසාර ප්‍රමුක නරිහාමිල තුන්දෙනාට ලබා දුන් දඩුවම නම් කිසි සේත්ම ප්‍රමාණවත් නොවේ......අපගේ අනාගත ක්‍රීඩා පරපුරට හොදින් දැනෙන්න දඩුවම් දීම සිදු වුනි නම් අඩු වශයෙන් එය රටේ ක්‍රීඩාවන්වලට වැදගත් වනු ඇත.
වරදට දඬුවම පොතේ විදිහටම ක්‍රියාත්මක වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට පමණයි. අනිත් අයට එහෙම නෑ...
වැරදි කරුවන් වෙලා නීතියෙන් දඬුවම් ලැබුණු අයව නිදහස් කරලා දෙන වැරදි ආදර්ශ නිසා තමයි.. මොවුන් මේ විදිහට මුට්ටිය දාලා බලන්නේ...