IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසේ රන් බඩු - මැණික් කොල්ල තිදෙනකු අල්ලයි

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්) 

ආතර් වී දියේස් හෙවත්  කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසක තිබූ රුපියල් ලක්ෂ හැට එකක් පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මැණික් ගල් සොරකම් කල බව කියන මවක, දියණියක සහ පුත්‍රයා අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ සහ වාද්දුව ප්‍රදේශයේ පදිංචි 53 , 23 සහ 21 හැවිරිදි තිදෙනෙකු බවත් පොලිසිය සදහන් කරයි.

ප්‍රධාන සැකකාර කාන්තාව පානදුර නිවසේ මෙහෙකාරිය, බවත් , එම නිවසේ පදිංචි නිවෙස් හිමි යුවල මසකට පමණ පෙර  සිය පුත්‍රයාගේ නිවසට ගොස් ඇති බවත් පොලිසිය කීය.

නිවෙස් හිමි යුවල පිටව යන විට මෙහෙකාරිය, ඇයගේ පුත්‍රයා සහ  දියණිය නිවසේ රැදී සිට ඇති අතර, නැවත ලබාගැනීම  පැමිණ සොයාබලන විට අල්මාරියේ තිබූ රන් භාණ්ඩ සහ මැණික් ගල් නොතිබූ බවත් පැමිණිල්ලේ සටහන් බව පොලිසිය කීය.

සිසිටිවි පරීක්ෂා කිරීමේදී සැකකරුවන් තිදෙනා රන් භාණ්ඩ සහ මැණික් ගල් රැගෙන පලායන අයුරු නිරීක්ෂණය වීමෙන් පසු වැලිමඩ සහ වාද්දුව ප්‍රදේශයේ සැගව සිටී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (1)

කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසේ රන් බඩු - මැණික් කොල්ල තිදෙනකු අල්ලයි

sugath Sunday, 05 January 2025 05:38 PM

අද කොස්මාමා ජීවත්ව සිටියා නම්, මිනිබිරියට කොස් ඇටයක තරම්වත් මොලයක් නොතිබීම පිළිබඳව කණගාටුවට පත්වන බව නොඅනුමානයි.

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site