(රංජන් කස්තුරි)
මහ කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් බෙදාහැර තිබෙන අතර වී වගා කෙරෙන කිසිදු දිස්ත්‍රික්කයක පොහොර හිඟයක් මතුව නැතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමත කර ඇති ප්‍රමාණයන්ට අනුව රසායනික පොහොර ගොවි මහතුන් වෙත බෙදා දෙන අතර, ප්‍රමාණය ඉක්මවා පොහොර භාවිත කරන ගොවි මහතුන් වස විස භාවිතයෙන් සිදුවන සෞඛ්‍ය ගැටලු පිළිබඳවත් අවධානය යොමුකළ යුතු බවද ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක මහේෂ් ගම්මන්පිල මහතා කීය.
ඇතැම් පිරිස් ගෙන යන සාවද්‍ය ආරංචි හේතුවෙන් පොහොර හිඟයක් මතුව ඇතයි සිතා වැඩි මිලට පොහොර මිලදීගැනීමෙන් වළකින්නැයි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd