
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළා සහ අනෙක් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කොල්ල කෑ පවුම් 34 ක රන් භාණ්ඩ , මැණික් ගල් හා ජංගම දුරකථන සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
පවුම් 15 ක රන් මාලයක් ,පවුම් 12 ක රන් මාලයක් ,පවුම් 5 ක අත් පළදනාවක්,පවුම් දෙකහමාරක රන් මාලයක්, ජංගම දුරකථනයක් හා වටිනාකම තක්සේරු කර නොමැති මැණික් ගල් 15 ක් , ඝාතනය සඳහා යොදා ගත් ටී ෂර්ටයකින් සකසන ලද මුහුණු ආවරණයක්,අත් වැසුම් 2 ක් පොලිස් බාරයට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැටලීම කොට හොරුන් අල්ලාගත් නිලධාරීන්ට අපගේ විශේෂ ස්තුතිය.. එම නිලධාරීන්ට උසස්වීම් හා තෑගි මුදල් ප්රදානය කළ යුතුයි. අප පෙර කීවාක් මෙන්, බොහෝ හොරකමක්, මංකොල්ලකෑමක්, තක්කඩිකමක් හෝ කුඩු විකිණීමක්, පාතාල ක්‍රියාකාරකමක් සිදුවූ තැන, හිටපු හෝ පැනගිය හමුදාවේ කෙනකු සිටිනවා. මේ හමුදාවේ අය අපරාධ සඳහා යොමුවීම සාමාන්‍ය කෙනෙක් යොමු වෙනවට වඩා අතිශයින්ම බිහිසුණුයි. ඒ මන්ද යත්, ඔවුන්ට ගිනි අවි පුහුණුව ගරිල්ලා පුහුණුව ආදී දේ තිබෙන නිසයි. මේ ගැන ලංකාවේ හමුදා අංශය බුද්ධිමත්ව සිතා බලා හමුදා පුහුණුවක් ලැබූ පාතාල සාමාජිකයන් හා හොර තක්කඩි මංකොල්ලකරුවන් ගැන දැන් හෝ සමීක්ෂණයක් කොට ඔවුන් සැම හමුදා භාරයට ගැනීමට, යුධ අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම කාලෝචිත වෙයි.