
(යොහාන් භාසුර)
කැස්බෑ මස් කිලෝග්‍රෑම් 14 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු මන්නාරම සිලාවතුර කායක්කුලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයේ කායක්කුලි වෙරළ නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙරළ තීරයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කිරීමේදී එහි තිබී මෙම කැස්බෑ මස් තොගය සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් වයස අවුරුදු 28 ක් සහ 51 ක් වන කායක්කුලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් නාවික හමුදාව කියයි.
සැකකරුවන්, කැස්බෑ මස් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා මඩු වනජීවි දෙපාර්තමේන්තු කාර්යාලයට භාරදුන්නේ යැයි නාවික හමුදාව වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd