
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත මුදල් කාරක සභාව දැඩි කොන්දේසි මත අනුමත කළ බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (8)පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මුදල් කාරක සභාවේ වාර්තාව පිළිගන්වමිනි.
හර්ෂ ද සිල්වා මහතා මෙසේද පැවසීය.
"අපි මේක දැඩි කොන්දේසි මත සම්මත කළා. කලින් උත්සාහ දැරුවේ නියාමන ආයතනයක් නැතුව ලයිසන් දෙන්න. අපි ඒකට විරුද්ධ වුණා. ඊට පස්සේ අපි කිව්වා අනුමැතිය දෙන්න නම් නියාමන අධිකාරියක් කවද්ද පිහිටුවන්නේ කව්ද ඒකට වගකියන්නේ මොනවද ඒකට තියන වගකීම් කියලා දැන්වත් කරන්න කිව්වා. ඔවුන් ඊට කල් ඉල්ලුවා. අපි එය ප්‍රතික්ෂේප කළා. ලබන වර්ෂයේ සැප්තැම්බර් මස තිස් වෙනිදා වන විට නියාමන අධිකාරියක් පිහිටුවන බවටදුන් පොරොන්දුව මත රජයේ අවශ්‍යතාව සඳහා අපි මේ අනුමැතිය ලබා දුන්නා. මම ඒක සභාගත කරනවා හැන්සාඩ් ගත කරන්න. ඒක අපි අත්සන් කරලා අරගෙන තියෙනවා. අපි හැම මාසෙම මේ අය නිරීක්ෂණය කරල බලනවා. මේ කට්ටිය මේක කරනවද කියලා බලනවා. ඒ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න ඕන. මේ පාර්ලිමේන්තුවට තමයි බලය තියෙන්නේ. අපි ඔවුන්ගෙන් අත්සන් ඇතුව ලියුමක් අරන් තියෙනවා. ඒක ක්‍රියාත්මක විය යුතුමයි."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පණ්ඩිත හර්ෂාචර්යා, කැසිනෝ ධම්මික පෙරේරාගේ සහ කැසිනෝ ලාල් විජේරත්නගේ අතකොළුවක්. මෙයාගේ කට ඇරෙන්නේ කැසිනෝ ජරාව සාක්කුවට වැටූනම. උන්ටමයි මෙය කඩේ යන්නේ. මෙයාට ඕනේ උන්දෙන්නාට විතරක් ලංකාවේ කැසිනෝ ව්‍යාපාරය සින්නක්කර ලියලා දෙන්න. අපි නොදන්න චෙස්. බතල ගන්න ඇවිත්, වත්තේ හතර මායිම හොයන මෙයාට මුදල් ඇමථිකම දුන්නනම් හරි ෂොක්. ජරා පප්පා. හිතන් ඉන්නේ, අපි කොණ්ඩේ බදින චීන්නු කියලා !.