IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොස්තාපල්වරියට හාදු දුන් සාජන් ගැන විමර් ශනයක්

(නිමන්ති රණසිංහ)

පාර් ලිමේන්තු කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරියකගේ නළලට බලහත්කාරයෙන් හාදුවක් දුන්නැයි කියන එම කොට්ඨාසයේම පොලිස් සැරයන්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ අද (13) කරුණු වාර් තා කළේය.

ඇල්පිටියේ පදිංචි මෙම පොලිස් කොස්තාපල්වරිය රාජකාරි කටයුත්තක් සදහා පාර් ලිමේන්තු පොලිසියේ කාර් යාලයට යමින් සිටියදී අසල පඩිපෙලක් අසල රැදී සිටි පොලිස් සැරයන්වරයා ඇයගේ පිටුපසින් පැමිණ හිසෙන් අල්ලා ඔහු වෙත ඇය ඇද ගැනීමෙන් පසු මෙලෙස සිප ගෙන ඇතැයි ළමා හා කාන්තා කාර් යාංශය අධිකරණයට කරුනු වාර් තා කර ඇත.

මෙම ක්‍රියාවෙන් තමාට බලවත් බියක් මෙන්ම ලැජ්ජාවක් ඇතිවූ බව පැමිණීලිකාරිය සදහන් කර ඇතැයි ද ළමා හා කාන්තා කාර් යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.



අදහස් (9)

කොස්තාපල්වරියට හාදු දුන් සාජන් ගැන විමර් ශනයක්

wimal Thursday, 13 October 2022 08:16 PM

ලංකාවේ පොලිසියෙනේ... ඕවා නිකන් අරුමපුදුම දේවල් නෙවෙයි.

:       0       5

Prabha Thursday, 13 October 2022 09:21 PM

ඡන්දෙන් ගියත් රස්සාවට ගියත් ඕක ඔය භුමියේ තියෙන දෝෂයන්ට ඔහොම වෙනවා.

:       0       9

chandima Thursday, 13 October 2022 10:09 PM

මේවා පොලිසි තුලත් මෙහෙමනම් අනිත් තැන්වල කොහොම වෙයිද?

:       0       6

Rohana Friday, 14 October 2022 07:49 AM

හාදුදෙන්නේ ආදරේටනෙ. ආදරය කිරීම නරක දෙයක් නොවෙයි නේද ?

:       3       4

චමින්ද Friday, 14 October 2022 12:04 PM

රෝහන ආදරය කිරීම නරක දෙයක් නොවෙයි තමයි නමුත් ඒ සාර්ජන් අනුන්ගේ දෙයක් අයුතු පරිහරණය කරල තියෙන්නෙ ඔබ බුදුනුවෙක් නම් අහල ඇති තෙවැනි සිල්පදය මොකක්ද කියලා ඒක විස්තර කලොත් සාජන් කරල තියෙන්නෙ එම සිල්පදය කැඩීමක්.

:       0       3

Bunny Preena Friday, 14 October 2022 11:16 AM

හාදු දුන් සාජන්ට දැන් මොනවා හිතෙනවා ඇත්ද.?

:       0       4

pakeer Friday, 14 October 2022 12:19 PM

පව් හලෝ ...සාජන් .එයා ඇත්තටම අර කොස්තාපල්වරියට ආදරේ ඇති

:       2       1

inspector Friday, 14 October 2022 01:59 PM

සිංදුවක තියෙන හැටියට ‘‘එපා යන්න තවත් දෙන්නයි කියලා එයා කියාවි..‘‘ කියලා හිතලා කරපු ගොන්කමක මහත කියලා හිකෙනවා ඇති...

:       0       2

Kumara Saturday, 15 October 2022 11:15 AM

පාර්ලිමේන්තු කොට්ඨාසයේ අළුතෙන් පොලිසියට බැඳුණු පොලිස් කොස්තාපල්වරියක් එම කොට්ඨාශයේම පොලිස් කොස්තාපල්වරියකගේ මාලයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් කළේ නෑ. ඒ වැඩේ වැරදුණු නිසා ආපහු මාලේ තිබුණු තැනටම ගෙනත් දාලා. මැය කලින් එම කොට්ඨාසයේම රාලහාම් කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වලා දැන් උප පොලිස් පරික්ෂක වරයෙක් අල්ලගෙනලු. මේ ගැනත් පොඩ්ඩක් අවුස්සලා ගත්තොත් හොඳ හොඳ ඒවා බලන්න පුළුවන්... කොහෙදෝ නැති අහිංසකයෙක් අල්ලගෙන පට්ට ගහන්න හදනවා. දැන් ඉතින් ඒ අහිංසකයාගේ රස්සාවත් ඉවරයි. ඇයගෙන් උසස් නිලධාරින් ප්‍රයෝජන ගන්නවාලු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site