(නිමන්ති රණසිංහ)
පාර් ලිමේන්තු කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරියකගේ නළලට බලහත්කාරයෙන් හාදුවක් දුන්නැයි කියන එම කොට්ඨාසයේම පොලිස් සැරයන්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ අද (13) කරුණු වාර් තා කළේය.
ඇල්පිටියේ පදිංචි මෙම පොලිස් කොස්තාපල්වරිය රාජකාරි කටයුත්තක් සදහා පාර් ලිමේන්තු පොලිසියේ කාර් යාලයට යමින් සිටියදී අසල පඩිපෙලක් අසල රැදී සිටි පොලිස් සැරයන්වරයා ඇයගේ පිටුපසින් පැමිණ හිසෙන් අල්ලා ඔහු වෙත ඇය ඇද ගැනීමෙන් පසු මෙලෙස සිප ගෙන ඇතැයි ළමා හා කාන්තා කාර් යාංශය අධිකරණයට කරුනු වාර් තා කර ඇත.
මෙම ක්‍රියාවෙන් තමාට බලවත් බියක් මෙන්ම ලැජ්ජාවක් ඇතිවූ බව පැමිණීලිකාරිය සදහන් කර ඇතැයි ද ළමා හා කාන්තා කාර් යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පොලිසියෙනේ... ඕවා නිකන් අරුමපුදුම දේවල් නෙවෙයි.
ඡන්දෙන් ගියත් රස්සාවට ගියත් ඕක ඔය භුමියේ තියෙන දෝෂයන්ට ඔහොම වෙනවා.
මේවා පොලිසි තුලත් මෙහෙමනම් අනිත් තැන්වල කොහොම වෙයිද?
හාදුදෙන්නේ ආදරේටනෙ. ආදරය කිරීම නරක දෙයක් නොවෙයි නේද ?
හාදු දුන් සාජන්ට දැන් මොනවා හිතෙනවා ඇත්ද.?
පව් හලෝ ...සාජන් .එයා ඇත්තටම අර කොස්තාපල්වරියට ආදරේ ඇති
සිංදුවක තියෙන හැටියට ‘‘එපා යන්න තවත් දෙන්නයි කියලා එයා කියාවි..‘‘ කියලා හිතලා කරපු ගොන්කමක මහත කියලා හිකෙනවා ඇති...
පාර්ලිමේන්තු කොට්ඨාසයේ අළුතෙන් පොලිසියට බැඳුණු පොලිස් කොස්තාපල්වරියක් එම කොට්ඨාශයේම පොලිස් කොස්තාපල්වරියකගේ මාලයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් කළේ නෑ. ඒ වැඩේ වැරදුණු නිසා ආපහු මාලේ තිබුණු තැනටම ගෙනත් දාලා. මැය කලින් එම කොට්ඨාසයේම රාලහාම් කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වලා දැන් උප පොලිස් පරික්ෂක වරයෙක් අල්ලගෙනලු. මේ ගැනත් පොඩ්ඩක් අවුස්සලා ගත්තොත් හොඳ හොඳ ඒවා බලන්න පුළුවන්... කොහෙදෝ නැති අහිංසකයෙක් අල්ලගෙන පට්ට ගහන්න හදනවා. දැන් ඉතින් ඒ අහිංසකයාගේ රස්සාවත් ඉවරයි. ඇයගෙන් උසස් නිලධාරින් ප්‍රයෝජන ගන්නවාලු...!