IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොස්තාපල්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල්වරිය රෝහලේ

(ගයාන් සූරිය ආරච්චි)

මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ  පාදයේ වැදීමෙන් තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව මහවෙල පොලිසිය පවසයි.

වෙඩි වැදීම සම්බන්ධයෙන් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ මහවෙල පොලිසියට අනුයුක්තව  විවිධ පැමිණිලි අංශයේ පරිගණක ක්‍රියා කරවමින් සිටි පොලිස් කොස්තාපල්වරියකි

මහවෙල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් 119 රාජකාරී සඳහා පිටව ගොස් අවශ්‍යතාවයක් සඳහා නැවත මහවෙල පොලිස් ස්ථානයට පැමිණ ඇත.

එම අවස්ථාවේදී කොස්තාපල්වරයකු සතුව තිබූ රිවෝල්වරය ක්‍රියාත්මක වී උණ්ඩයක් එම පොලිස් කොස්තාපල්වරියගේ පාදයේ සුලඟිල්ලේ වැදී තුවාල වී ඇති බව පොලිසිය පවසයි.

මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (1)

කොස්තාපල්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල්වරිය රෝහලේ

රාලහාමි Saturday, 04 January 2025 11:05 PM

කොස්සිව දැක්ක ගමන් පිස්සු වැටුණු කොස්සගේ රිවෝල්වරය පත්තුවෙලා උණ්ඩය කොස්සිගේ කකුලට වැදිලා. ඔය උණ්ඩය වැරැදිලාවත් කොස්සිගේ "වෙන තැනකට" රිංගුවා නම්. මගේ අම්මෝ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site