
(ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කරන අවස්ථාවේ එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස සහභාගී වීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ගේ දඹදිව චාරිකා පහසු කරලීම සඳහා ඉදිකළ මෙම නව ගුවන්තොට විවෘත කිරීමේ අවස්ථාවට ඉන්දීය රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වන අතර , ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාත් සහභාගී වීමට නියමිතය .
මෙම ගුවන් ගමනට භික්ෂූන් වහන්සේ 95 නමක් ඇතුළු 111 දෙනෙක් සහභාගී වුහ.
අමාත්‍ය නාමල් රාජපක්ෂ , රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී.චානක , සිසිර ජයකොඩි යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ ද එම පිරිසට අයත් වෙති.
මෙම පිරිසට සුභ පැතීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම උනත් අනේ සාධූ සාධූ සාධු. මේ පිනෙන්වත් සත්‍ය අවබෝධ වේවා!
එදා මහා සංඝරත්නය ඉන්දියාවෙන් අපේ රටට වැඩම කළා. ශ්‍රී සද්ධර්මය අපේ රටේ රැකගෙන අද සංඝරත්නය මෙහෙන් එහෙට වැඩම කරනවා. සාදු ! සාදු !
ඔය සංචාරවලට වියදම් කරන්නෙ අපේ සල්ලිද ඉන්දියාවෙ සල්ලිද?
දේශපාලනය කරන්න හාමදුරුවරුන් කුසිනාරාමයට යා යුතු නොවේ.
ඩොලර් නෑ කිව්වට ඔය යන්නේ.?
ඉතාම අවාසනාවන්ත කාලයකට දුර්වල ආර්ථිකයකට ලක්ව සිටින අප මෙම මොහොතේ කිසිම තැනකට පළමුව යායුතු නොවේ.
අනේද කියන්නේ
හිනා වෙන්න තැනක් හොයනවා
බුද්ධගයා ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වූයෙත් ශ්‍රී ලංකාවෙන් ගිය ෆ්ලයිට් එකක් නිසා. කතෝලිකයෙකු වන මා බුදුදහමට ආදරෙයි. අද පොහෝ දවසේ මේ පුවත ලංකාදීපයෙන් දැක්කාම පුදුම සතුටක් ඇතිවුනා. ඔබ සැමට පිංබර වප් පොහෝ දිනයක් වේවා!
අද රටේ තිබෙන ප්‍රශ්න තේරුම් අරගෙන රජය වැඩ කරනවා කියන්නේ මෙන්න මේකට.
අවසානයේ සියල්ල දුප්පතුන් සහ පොහොසතුන් නිර්මාණය කරයි.
ඩී වී චානක....... 69 ලක්ශයකගේ ජයග්‍රාහී තේරීම.....
වටේටම ණය වෙලා මේ වගේ බොරු සෝබන කරල මිනිස්සු අන්දනවා.. ඔය එයාර්පෝට් එක ඉන්දියාවට විවෘත කර ගන්න දීල නිකං ඉන්න බැරිද? කියන්නේ නම් තෙල් ගේන්න සල්ලි නෑ කියල.
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවෙ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමා අඩු තරමින් පලපුරුද්ද නැතත් වයසට වත් ගරු කලානම් නරකද
මේ පව්කාර දුශකයන් දඹදිවට පටවන එක හොඳයි .
දඹදිව යාමත් ක්‍රීඩාවක් කරගනී වගේ.
ඔය ගුවන් යානය සදහා සියළු වියදම ඉන්දියානූ රජය විසින් සිදු කර තියෙනව. ඒක ලොකු දෙයක්
විපතක් උන ගමන් ඉන්නේ ඉන්දියාව තමයි කොච්චර බැන්නත්
බෞද්ධ වැඩසටහනකට ක්‍රීඩා බාර කෙනෙක් යවන්නේ අනිත් කෙනාට මේවගේ ගමනක් යන්න බැරි තරම් සෞඛ්‍ය පිලිබඳ ප්‍රශ්නයක් තියෙන නිසාද ?
අපේ සල්ලි නාස්ති කරගෙන සවාරි යනවා. මුළු ගමන් වියදම් අපිට තමයි ගෙවන්න වෙන්නේ..