
(සුජිත් හේවාජුලිගේ)
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇත.
මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී.
මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා කාබනික පොහොර සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ආන්දෝලනාත්මක අදහස් ගණනාවක් ඉදිරිපත් කළේය.
මෙයට අමතරව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත් කරනු ලැබ ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
අනුෂ පැල්පිට මහතාගේ එම පත්වීම බල පැවැත්වෙන්නේ ජනවාරි මස 1 වැනිදා සිටය.
පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මෙයට පෙර කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිතට එකඟව වැඩ කල උදිත් ජයසිංහ මහතාට මාගේ ප්‍රණාමය
හමුදාවේ ජෙනරාල් කෙනෙක් ලඟදි පැන්ෂන් ගන්නවත් ඉන්නවද?
කට ඇරියොත් ගෙදර පුතා.දැන්වත් කොන්ද කෙලින් තියන් වැඩ කරන්න
හිසරදයට ආයෙත් කෝට්ටේ මාරු කලාද?ඔය කීවෙනි ලේකම්ද?
හයියෝ නන්දසේන ඔයාව ඉවත් කරන දින වැඩි ඈතක නැහැ
කොයිතරම් උගතෙක් උනත් ඕන දේ ඕන වෙලාවට කරන්න බැරිනම් ඒ උගත්කමින් වැඩක් නැති බව පේනව නේද.
එන්ජින් එකේ ලෙඩේට කෝච්චි පෙට්ටි මාරු කරනවා වගේ ....
ඕනෙම ගොන්කතාවක් පිළිගන්න කෙනෙක් හොයාගෙන තමයි මේ තනතුරට දාන්න වෙන්නේ... මෙම විෂයයේ උගත්තු ගැලපෙන්නේ නෑ වගේ... රටට ගිය කලක්...!
බුදු හිමියන් මංගල සූත්‍රයේ වදාරා තියෙනවා බාලයන් ඇසුරු නොකරන්න කියලා.. ජේෂ්ඨ මහාචාර්යතුමෙකු වුණත් එම බුදුවදන අසා නැතුවද? නැත්නම් එය නොසලකා ලේකම් තනතුර ගත්තාදැයි සිතාගත නොහැකිය.. කවුරු ආවත් බැරිවේවි.. බළමු බණ්ඩාරනායක මහතා කොපමණ කාලයක් සිටීද කියලා..?
හරි අපරාධයක් මේ ගොන්නුන්ගේ ආණ්ඩුවේ වැඩවලට අතගහන්න ගිහින් මේ වගේ වැඩක් හරි විදියට කරන්න දන්නා උගතුන්ට නිකම් අපරාදේ හෑල්ලු වෙන්න සිද්ධ වෙන එක. මම නම් කීයටවත් හිතන්නේ නැහැ මේ ගහෙන් ගෙඩි එන්න වගේ කරන්න ගත්තු ගොම පිදුරු කාබනික කෘෂිකර්මේ හරියන කෙහෙල් මලක් කියල.
හලෝ සිංහල කියමනක් තිබෙනවා අඟේ ඉඳන් කන කනවා කියලා. ඔහේ කරලා තිබෙන්නේ එහෙම වැඩක්. තනතුරකට පත්උනාට වැඩක් නැහැ එහි වගකීම දරන්න බැරිනම්. ඔහොම බේරිලා ගෙදරගියා ඇති.