ඉස්තාන්බුල්හිදීය (ඒ.එෆ්.පී)
තුර්කිය සෞදි මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ ඝාතනයට සම්බන්ධ සියලු සාක්කි ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දී ඇතැයි තුර්කි රජයට හිතවත් මාධ්‍ය කිහිපයක් අද (24) වාර්තා කළේය.
සී.අයි.ඒ. සංවිධානයේ ප්‍රධානී ජිනා හස්පෙල් අඟහරුවාදා (23) තුර්කියේ සංචාරය කර ඇති අතර එහිදි තුර්කි බලධාරීන් අදාළ සාක්කි සහ තොරතුරු ඇයට ලබා දී ඇත.
සෞදි මාධ්‍යවේදි ජමාල් කෂොක්ජි තුර්කියේ සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනය කෙරුණි.
ජමාල් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතේ මාධ්‍යවේදියෙකි.
වීඩියෝ ඡායාරූපය, හඬ පට සහ කොන්සියුලර් කාර්යාලයෙන් සහ තුර්කියේ සෞදි කොන්සියුලර්වරයාගේ නිවසින් සොයාගන්නා ලද සාක්කි එලෙස ජිනා හාස්පෙල්ට ලබා දී ඇත.
ජිනා හාස්පෙල් සහ තුර්කි බුද්ධි අංශය වන (එම්.අයි.ටී) හමු වී සාකච්ඡා පවත්වා ඇති අතර එයින් පසුව අදාළ සාක්ෂා ඇයට ලබා දී ඇතැයි තුර්කියේ ‘ෂබා’ පුවත්පත ද වාර්තා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැන් දෙකක සාක්ෂි තියනවානම් හත්පොලේ ගාගත්ත වගේ.
ඇමෙරිකාවට ජමාල් කෂෝක්ජීට වැඩිය සෞදි ඔටුන්න හිමි කුමාරයා වටිනවා. අද ඇමරිකාව ලෝකයට ඔප්පු කරමින් ඉන්නේ තමන් සෞදි අරාබියට හිතවත් රාජ්‍යයකට වැඩිය යටත් රාජ්‍යයක් බවයි. ඒ නිසා තුර්කියෙන් ලැබුණු කෂෝක්ඡීගේ ඝාතනය සම්බන්ධ සියලු වාර්තා හා සාක්ෂි ඇමරිකාව විසින් රැගෙන යන්නේ සෞදි ආණ්ඩුවට විරුද්ධව ඉදිරි පියවර ගැනීමට නොවනබවයි. ජනාධිපති ට්‍රම්ප්ගේ හැසිරීම අනුව පෙනීයන්නේ...
තෙල් බලෙන් ඔක්කොම යට ගහනවා, බලන්නකෝ...