
(ඩයනා උදයංගනී)
වගාවට අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් මෙරට කෘෂිකර්මාන්තයේ ඇතිවූ අවුල්සහගත තත්වයට ප්‍රධාන වගකිවයුත්තා කෘෂිකර්ම ඇමතිවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
රට තුළ මේ වන විට ඇතිවී ඇති අවුල් සහගත තත්වය නිවැරදි කරගැනීමට කාලයක් ගතවනු ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා එය පහසු කරුණක් නොවන බව ද සඳහන් කළේය.
රසායනික පොහොර යළි ආනයනය කරන්නේ නම් ගොවි ජනතාවට සහනදීමත් කළ යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ගොවි ජනතාවට කිසිම සහනයක් නොමැතිය අසහනය හා ආර්ථික අපහසුතා හේතුවෙන් වහ බොන්නට වන තත්වයක් උද්ගත වී ඇතැයි ද කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (24) පැවති පක්‍ෂ ආසන සංවිධායකවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීමේ අවස්ථාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
රසායනික පොහොර ගෙන්වීම සිදුවන ආකාරය ගැන කිසිඳු නිල තොරතුරක් තමන්ට ලැබී නැතැයි කී හිටපු ජනාධිපතිවරයා මේ වන විට ගොවි ජනතාව දුක් වේදනා සහිතව අසරණ වී සිටින බව ද පැවසීය.
කාබනික පොහොර වෙත යොමුවීම ප්‍රතිපත්තියක් ලෙස ඉතා හොඳ වුවත්, ගැටලුවක් ඇතිවූයේ එහි සැලැස්ම වරද්දා ගත් නිසා යැයි කී මෛත්‍රීපාල සිරිසේන මහතා තමාද ජනාධිපතිවරයා හා මහවැලි ඇමතිවරයා ලෙස සිටි සමයේ ඒ කෙරෙහි යොමුවීමට උත්සාහ කළ බව කීවේය.
මෙහිදී පළමුව ආදර්ශ ව්‍යාපෘති තුළින් කටයුතු ආරම්භ කර පසු ක්‍රමයෙන් වර්ධනය කළ යුතු බව කී හිටපු ජනාධිපතිවරයා කාබනික පොහොර භාවිතයට රටක්ම යොමුකිරීම එක රැයින් කළ හැක්කක් නොවන බව ද ප්‍රකාශ කළේය.
ශ්‍රී.ල.නි.ප ජාතික සංවිධායක, රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා මෙහිදී පැවසුවේ ගොවි ජනතාවගේ ඡන්දයෙන් පැමිණි අයකු වන තමන් රසායනික පොහොර යළි ආනයනය කිරීමට රජය ගත් තීරණය පිළිබඳ සතුටු වන බවයි.
පොහොර නොමැතිවීමෙන් මෙම කන්නයේදී ගොවීන්ට විශාල අසාධාරණයක් වූ බවත්, මෙය ගොවීන්ගේ හඬට ඇහුම්කන්දීමක් ලෙස සළකන බවත් දිසානායක මහතා පැවසීය.
ඉදිරි මැතිවරණවලදී තනිව තරඟ කරන ලෙස පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලීමක් ඇතැයි කී දිසානායක මහතා ඒ ගැන මෙතෙක් තීන්දුවක් ගෙන නැතැයි ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට කෑවට ඔහෙත් වග කිවයුතුයි...
මේ.... පැත්තකට වෙලා ඉන්නවද? ලොකු දේවල්වලට ඔලුව දාන්නේ නැතුව. රටම අවුල් කරලා, හොරු රැකලා කෝටි 800කට ගෙදරක් අපේ සල්ලි වලින්ම හොරා කෑවා.
අප මේ රජයේ පැත්ත ගෙන කතාකරනවා නොවෙයි. දැන් දැන් මෙතුමා පරණ දේවල් ඔක්කෝම අමතක කරලා අලුත්ම නාඩගමකට ලැහැස්ති වෙනවා වගෙයි පේන්නේ.. මහින්ද මහත්තයාට කොකා පෙන්නලා යුඇන්පී එකේ එල්ලුණා. තමන්ට බලයට එන්න හා ජනපති වෙන්න උපකාර කරපු යුඇන්පී එකටම ද්‍රෝහිකම් කරලා එයත් විනාශකර නැවතත් මහින්ද මහත්තයලාට එකතුවී මේ ගමන ආවා. දැන් දැන් මේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්නේ, වෙනත් යටි අරමුණු ඇතිවයි. එසේ නැතිව රටට ඇති ආදරේකට නොවෙයි. රාජපක්ෂවරුන් ගැන මෙතුමාගේ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ පටයක් යූටියුබ් එකේ සංසරණය වෙනවා. අවස්ථාව තිබියදීත්, පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් අය වර්තමාන රජයේ ඇති නොහැකියාව නිසා නීතියෙන් බේරී සිංහයන් මෙන් හැසිරෙනු පෙනේ...
ඒ කතාව අැත්තයි.. අලුත් ක්‍රමයට පොහොර භාවිතය මුළු රට තුළම ඒක විට කරන්න ගියා. අන්තිමට සියල්ලම අවුල්වුණා. දැන් කාලා හමාර බව එළවළු වල මිල අැහුවාම හොඳටම පැහැදිලියි. සාගතයක් අත ළඟ...
ඔයා තමයි මේ රටේ ඉතිහායටම හිටපු අසාර්ථකම පාලකයා... තව ලැජ්ජා නැතුව කෙරුමෙක් වගේ කතා කරනවා...
එතකොට යහපාලනයේදී වෙච්චි අවුල් වලට වගකියන්නේ කවුද?
අයියෝ සිරිසේන මහතා මොනවද මේ කතා. ඇමතියාට ගම්මු සළකලා තිබුනු හැට් දැක්කේ නැද්ද ? පහු වෙනකොට ගමටවත් එන්ඩ බැරී වෙයි.
අනුන්ට වගකීම් ගැන උගන්වන්න ඉස්සෙලා තමන් වගකීමෙන් වැඩ කල බව සිතා බලන්න.
ජනාධිපතිකමට වඩා සභාපතිකම ලොකු ඇති නේද.?
මේ රටටම සිදුවුන අවුල් වලට පාස්කු ප්‍රහාරයේ සහායක මහා මොලකරු වගකිව යුතුයි
එතකොට පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තේ කව්ද ?පොළොන්නරුවේ හාල් ඒකාධිකාරයක් හැදුවට වගකිව යුත්තේ කව්ද ?පසුගිය අවුරුදු 5 දී රජය ඩොලර් බිලියන 7 ට තිබුණු ණය කන්ද ඩොලර් බිලියන 13 දක්වා ණය අරගෙන කිසිම සංවර්දන වැඩක් නොකර ගසා කෑමට ඉඩ දීම ගැන වගකිව යුත්තේ කව්ද ?