(යොහාන් භාසුර)

‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාගැනීමට ජනතාව තුළ නැවතත් උනන්දුවක් ඇති වී තිබේ.

එම උනන්දුව හේතුවෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල ඇතුළු මීට පෙර ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාදුන් ස්ථානවලට ජනතාව පැමිණෙමින් සිටිති.

යුද හමුදාව, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ ක්‍රියාත්මක කළ ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාදීමේ මධ්‍යස්ථානයට අද (27) පෙරවරුවේ සිට විශාල පිරසක් එන්නත ලබාගැනීමට පැමිණ සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)