බන්දුල ඉලේපෙරුම
කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අගමැතිවරයා සභාවේ නැගී සිටිමින් එසේ කියා සිටියේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.
ජලයෙන් කොවිඩ් 19 බෝ නොවන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදෙන්නේ මන්දැයි අසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ එය රීති ප්‍රශ්නයක් නොවන බව කියමින් කථානායකවරයා ඔහු වාඩි කළ නමුත් එහිදී එකවරම නැගී සිටි අගමැතිවරයා කොවිඩ් 19 වැළඳීමෙන් මිය යන අයගේ සිරුරු භූමදානයට ඉඩ දෙන බව කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් නාට්‍යයක අවසානය.. මේ කතාව කියන්න තිබුණේ ගිය අප්‍රේල් වල....
ඔව් ඉතින් දැන් වෙන කරන්න දෙයක් නැහැ.. ජිනීවා එකට උත්තර දෙන්න එපායැ..
ජිනීවා වාර්තාවට බයවෙලාද?
දිනූ නිදහස සාමකාමීව සමරන්න පින්වතුනි..!!!
දැන් අපේ රටේ වැඩ වෙන්නේ කිසි පරිපාලන ක්‍රියාදාමයකට අනුව නෙමෙයි. අයියටයි, මල්ලිටයි ඕන විදිහට. මේවා තමයි ලොකුම විහිළු. බයියන්ටම හොඳයි.
පාරවල්, පාලම් හැදීම නවතා, එම සල්ලි ජර්මන් ටෙක් වැනි වසරකට ලක්ෂයක් පුහුණුවිය හැකි ආයතනයක් හදන්න. රටේ ණය ලැබෙන විදේශ විනිමයෙන් ගෙවිය හැක. ගම්වල කාන්තාවන් හෙදියන් ලෙස රැකියා අවස්ථා ලබාගැනීමට ආයතන හදන්න. ඒවා ආයෝජනයයි.
ස්තුතියි, ගරු අගමැතිතුමනි..,
අගමැතිතුමනි, භූමදානය අනුමත කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරන්න..
කලින්ම මේක කළා නම් බොහොම හොඳ වෙන්න තිබුණා නේද අගමැති තුමා..?
එක රටක්, එක නීතියක් කියන්නේ මේකද? ආණ්ඩුවේ අවසානය අතළඟ..
ඕකනෙ තමුන්නැහැලාට කිව්වේ... බොරුවට නිකන් ජාතිවාදය ඇවිස්සුවා...
රටේ අගමැති වුණාට මෙතුමාට මරික්කාර් පාර්ලිමේන්තුවේ බිරුවාට රටට හානිකර, මහජන සෞඛ්‍යයට හානිකර දේ ගැන මීට වඩා ගැඹුරින් සිතා බැලිය යුතුයි. ප්‍රනාන්දුපුල්ලේ කිව්වා හෝ නොකිව්වා, කෝවිඩ් මෘතදේහ භූමදානය කළයුතු වන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ මතය ගැන විමසා බැලීමෙන් අනතුරුවයි. එසේ නොමැතිව වෛද්‍ය විද්‍යාව හරිහැටි නොදත් දේශපාලකයන් වෙත රටේ ජනතාවගේ ජීවිතය හා සම්බන්ධ දේ ගැන එසේ හිතුවක්කාරී තීන්දු තීරණ එළඹීම කිසිසේත් අනුමත කිරීමට බැහැ. දේශපාලකයින්ගේ වැඩේ ඔවුන් කරගෙන සිටිනවා වෙනුවට වෛද්‍ය අංශවල වැඩේ ගැන තීන්දු තීරණ ගැනීමට ඉඩදීම වැදගත්. සිදුවිය යුත්තේ එයයි. ඒත්, සිදුනොවන්නේද එයයි...
එතකොට, පහුගිය කාලේ නටාපු අය දැන් නටන්නේ කොහොමද? කෝ දැන් ඒ බඩ ගෝස්තරවාදී පුහු දේශප්‍රේමීන්? ආ... සමහරවිට ඒ ගොන්නු නැට්ට බඩ යට ගහගෙන, අර කපාපු ගස්වල කොළ අතු කනවා ඇති?
ඉවරයි, අගමැතිතුමා නින්දෙන් නැගිටලා වගේ...
එතකොට ජාති ආලයෙන් බලෙන් ආදාහනය කරපු මියගිය දේහයන්වලට සාධාරණයක් කරන්නේ කොහොමද?
රටේ අහිංසක මිනිස්සුන්ට පෙන්වන චන්ඩි පාට්, ලෝකෙට පෙන්වන්න ගිහින් දැන් හොඳටම ඇනගෙන ඉන්නේ. නියම ප්‍රතිඵල තවම නැහැ. මානව හිමිකම් කොමිසමෙන් බෙල්ල හිරකරලා, ලංකාවට එන පෙට්‍රෝලියම් නැව් බ්ලොක් කළොත් රටම ඉවරයි. මෝඩ උද්දච්ච ගෝත්‍රිකයින් දැන්වත් ඉල්ලා අස්වෙලා රට කරන්න පුළුවන් කෙනෙකුට බාරදිය යුතුයි.
කේස් එකක් දාන්න ඇති ...
ඔක්කොම බොරුවට උඩ පැන්නට, රජ්ජුරුවෝ එයාගේ පවුලේ මුල් ආගමට අනුව සිරුරු භූමදානයට ඉඩ දුන්නා.
සියලුම ආගම්වලට තම ආගමානුකූලව අවමංගල්‍ය කටයුතු කිරීමට ඉඩ ලැබෙනු ඇත.
කණගාටුයි! අගමැතිතුමා මේ යන ගමන රටට අහිතකරයි!
සිංහලයන් රවටා බලය ලබාගෙන, අන්තවාදීන් නලවන පරපුරේ භූමදානය ආරම්භ වූ වගයි.
එක රටක්... එක නීතියක්..
ජාත්‍යන්තර ෆොර්බ්ස් සඟරාවට අනුව ඩොලර් බිලියන 15ක වත්කමක් ඇති අගමැති තුමෙක් අපට ඉන්නේ. නරකද ඔය සල්ලි වලින් රටේ ණය ටිකක් බේරලා දැම්මා නම්. කොහොමත් ඕවා රටේ කරපු සංවර්ධනේ හින්දනේ ලැබුණේ..!