(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 10 දෙනකු ඊයේ (1) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 13,770 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 08 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර එක් අයෙක් සහ වයස 30ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.

එමෙන්ම පිරිමි අය 05 දෙනකු සහ කාන්තාවන් 05 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.