
(ඩයනා උදයංගනී)
කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව ද ස්ථාන දෙකකදී එන්නත් ලබාදීම ආරම්භ කර තිබේ.
ඒ අනුව නාවික හමුදා මූලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර නාවික මහරෝහල මඟින් වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී අද (5) සිට “සයිනොෆාම්” එන්නත ලබාදීම සිදු කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් ද බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීම සිදුකෙරෙන අතර ඒ අනුව නාවික හමුදාව ද එයට දායක වී ඇත.
බස්නාහිර පළාත තුළ පදිංචි වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා “සයිනොෆාම්” එන්නතෙහි පළමු මාත්‍රාව මෙන්ම පළමු මාත්‍රාව ලබා ගත් ජනතාව වෙත එහි දෙවන මාත්‍රාව ලබා දීම මෙම ස්ථානවලදී සිදු කෙරේ.
මෙම එන්නත්කරණ වැඩසටහන අද සිට ඉදිරියට උදෑසන 08.30 පැයේ සිට සවස 04.30 පැය දක්වා කාලසීමාව තුළ දිනපතා පැවැත්වේ.
එන්නත්කරණ වැඩසටහන සඳහා ඉදිරියටත් අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව ද නාවික හමුදාව කියයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාවාදී, ආත්මාර්ථකාමී මිනිසුන් රට බැරෑරුම් අවධියක සිටියදී වල ඉහගන්න දඟළන වේලාවක ත්‍රිවිධ හමුදාව කරන මේ මෙහෙය ඉතා අගය කළ යුතුයි.
වෙනත් රටවල නම් එන්නත්කරණය සිදුකරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඒ දැනුමක් ඇති පිරිසක්... එ්ත්, ලංකාවේ හමුදා කාරයින් ඒ සඳහා යොදාගෙන. තව ටික කාලෙකින් ශල්‍යකර්මත් කරන්න පටන් ගනීවි මේ හමුදා කාරයින්...
භද්‍රානිට, ඉස්සෙල්ලා කතාකරන විදිහ උගන්නමු. ඊට පස්සේ මේකට එයා දන්න අය දාගමු. එතකොට හරි. හැබැයි වර්ජනයක් ආවොත් ඉවරයි ඉල්ලීම් ඉල්ලගෙන.