(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් වැළඳී සුවවීමෙන් පසු විවිධ අතුරු ආබාධ (බහු ඉන්ද්‍රිය ආසාදන) වැළඳුණු දරුවන්ගේ ඉහළ යෑමක් මුළු දිවයිනෙන්ම වාර්තාවන බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.
මෙවැනි අතුරු ආබාධ වැළඳුණු දරුවන් විසි පස් දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම දරුවෝ සියලු දෙනා කොවිඩ් ආසාදනයවීමෙන් පසු සුවය ලබා නිවෙස්වලට ගොස් විවිධ අතුරු ආබාධ වැළඳීම නිසා පසුව රෝහල්ගතවූ අය වෙති.
මොළයේ ,හෘදයේ සහ වකුගඩුවල විවිධ ආබාධ, හෘද ස්පන්දන වේගය වැඩිවීම, නිව්මෝනියා තත්වය, උණ තත්වය දිගටම පැවතීම යනාදී රෝග ලක්ෂණ මෙම දරුවන්ට සුලභව දක්නට ලැබෙන බවත් බහු ඉන්ද්‍රිය ආසාදනයට මෙලෙස ගොදුරුවූ දරුවන්ගෙන් වැඩි පිරිසක් වයස 5ත් 15ත් අතර අය බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
කොවිඩ් ආසාදනයවී සුව වුණු දරුවන්ට මාස හයක කාලයක් යනතුරු මෙවැනි රෝග ලක්ෂණ මතුවිය හැකි බවද දීපාල් පෙරේරා මහතා පැවැසුවේය.
අතුරු ආබාධවලට ලක්වූ ඇතැම් දරුවන්ට විශිෂ්ට ප්‍රතිදේහ පවා ලබා දීමට සිදුවී ඇති බවත් එම විශිෂ්ට ප්‍රතිදේහ සඳහා රජයට අධික වියදමක් දැරීමට සිදුවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් ආසාදනයවී සුවවුණු දරුවන් මේ තත්ත්වය නිසා මාස හයක් යනතුරු වඩාත් සැලකිල්ලෙන් රැක බලා ගැනීම වැදගත් බවද ඔහු කීවේය.
මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව 35ක් දක්වා පහත බැස ඇතැයිද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
කොවිඩ් ආසාදිත දරුවෝ 200කට ආසන්න පිරිසක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් තුන්වැනි රැල්ල ආරම්භයේදී ප්‍රතිකාර ලැබූහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.