
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාවාරම් කිරීමට සහ පුද්ගලික භාවිතයට මත් ද්‍රව්‍ය, තහනම් ඖෂධ ළඟ තබාගත් පුද්ගලයන් හත් දෙනෙකු වැටලීම් කීපයකදී කුවේට් ආරක්ෂක අංශ අත් අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුද සිටින බවත් එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
සැකකරුවන් සතුව තිබී හෂීස් කිලෝග්‍රෑම් 2.55 ක්, හෙරොයින් ග්‍රෑම් 150 ක් සහ මෙතම්ෆෙටමින් ග්‍රෑම් 20 ක් පමණ සොයා ගන්නා ලද බවත් එසේම තවත් තහනම් ඖෂධ කීපයක්ද, ඒවා ජාවාරම් කිරීම සඳහා ඇසුරුම් කිරීමට භාවිත කරන උපකරණද එම වැටලීම්වලදී ආරක්ෂක අංශ සොයාගෙන ඇති බවත් කුවේට් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර එක් ඉන්දියානු ජාතිකයෙකු සහ එක් කුවේට් ජාතිකයෙකුද සිටින බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට අමතරව එක් සැකකරුවෙකුට අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට උත්සාහ දැරීමේ චෝදනාවද ඔවුන්ට එරෙහිව ගොනු කරනු ඇතැයි කුවේට් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එක් සැකකරුවකු වැටලීමේදී අත් අඩංගුවෙන් පළා යාමට උත්සාහ දැරූ බවත් එම සැකකරු අත් අඩංගුවට ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ බවත් එම නිවේදනයේ සඳහන් විණි. සැකකරුවන් පිළිබඳව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ වෙත බාරදී අවසන් බවද එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd