
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුයානයක් , කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය 02 යි විනාඩි 21 කට පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවැසීය.
මෙම ගුවන් යානයේ මගීන් 179 දෙනකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනකු එහි සිටි බව ගුවන් තොටුපොළ නිලධාරයෙක් සනාථ කළේය.
ගුවන් යානයෙහි හයිඩ්‍රොලික් පද්ධතියෙහි හටගත් කාර්මික දෝශයක් නිසා , එහි ගුවන් යානයෙහි ගුවන් නියමුවා කටුනායක ගුවන් තොටුපොළ පාළක මෙහෙයුම් මැදිරිය මේ පිළිබද දැනුවත් කිරීමෙන් පසුව , යළි ගුවන් යානය ආපසු හරවා ගෙන පැමිණෙන දැනුම් දී තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ මහා උන්ට සහකම්පනය කියන දේ ගෑවිලා නැහැ නෙ. ඉතින් කීයක් මළත් සල්ලි ටික එනවා නම් ඇති කියල තමයි බලන්නේ. දැන් නඩත්තු කටයුතු එහෙමත් පමා කරනවා වගේ, අන්තිමට මහා ඛේදවාචකයක් වෙලා තමයි නවතින්නෙ.