(යොහාන් භාසුර)
වීසා නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයක රැකියාවේ නිරත වූ විදෙශිකයෙක් විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව විමර්ශනයක් කළ බව කොල්ලුපිටිය පොලිසිය කියයි.
කොල්ලුප්ටිය සමුද්‍රාසන්න මාර්ගයේ සංචාරක හෝලයක සේවය කළ චෝදනා එල්ල වූ විදේශිකයා මේ වන විට රටින් පිටව ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
කොල්ලුපිටිය ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරන් පිරිසක් කළ ලිඛිත පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ සිදු කළ බව ඔවුන්ගේ චෝදනාවල අදාල කරුණු හෙළි නොවූ බව ද උසස් පොලිස් නිළධාරයෙක් පැවැසීය. කෙසේ වුවද චෝදනාවට ලක් වූ විදේශිකයාට රටින් පිටවීමේ අවස්ථාව හිමිවූ බව ද සඳහන් කළේය.
විදේශිකයා සමඟ පිරිසක් ඇතිකරගත් විරසකයක් හේතුවෙන් අදාල පැමිණිල්ල යොමු කළේ දැයි සැක කරන බව ද එම පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd