IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොල්ලුපිටියේ ඉඩමක් අවුරුදු 99 කට බදු දෙයි

(අංජුල මහික වීරරත්න)

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් එක්ස්පො ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් ( පුද්ගලික) සමාගම වෙත නිවාස ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොල්ලුපිටිය, මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි නාගරික සංර්වධන අධිකාරිය සතු පර්චස් 40ක ඉඩම් කොටසක් අවුරුදු 50ක දීර්ඝකාලීන බදු පදනම මත එක්ස්පො ප්‍රොපටි ඩිවෙලොපර්ස් (පුද්ගලික) සමාගම වෙත බැහැර කිරීම සඳහා 2007 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරී පනතේ විධිවිධාන පරිදි අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා වන වටිනාකමින් 25%කට සමාන මුදලක් ද අයකර ගනු ලැබ ඇත.

එහෙත්, එකී ඉඩමේ අනවසර පදිංචිකරුවකු සිටීම හේතුවෙන් ඉඩම් කොටස පැවරීමේ කටයුතු අවසන් කිරීමට නොහැකි වී තිබේ.

එම ඉඩමට යාව පිහිටි තවත් පර්චස් 12 ද ඇතුළුව පර්චස් 52ක සම්පුර්ණ ඉඩම් කොටස නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස වසර 99ක බදු පදනම මත ලබා දෙන ලෙස එක්ස්පො ප්‍රොපටි ඩිවෙලොපර්ස් (පුද්ගලික) සමාගම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. 

ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ වර්තමාන තක්සේරුව මත පදනම්ව අදාල ඉඩම්  කොටස වසර 99ක බදු පදනම මත අදාල සමාගම වෙත පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (3)

කොල්ලුපිටියේ ඉඩමක් අවුරුදු 99 කට බදු දෙයි

අරවින්ද මොනරවිල Wednesday, 10 July 2024 11:17 AM

ඒකට ගත්ත කප්පම කීයද කියලා නොදැම්ම එක ලොකු අඩුපාඩුවක් !

:       3       31

sunil Wednesday, 10 July 2024 11:26 AM

ඉඩම් නම් ප්‍රසන්න. ප්‍රසන්න නම් ඉඩම්

:       1       32

Kamal Koyrala Wednesday, 10 July 2024 11:34 AM

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ගේ තනි මතයට නොවේ .ප්‍රසිද්ධ ටෙන්ඩර් සහ ප්‍රසම්පාදන ක්‍රමයකට තරඟකාරීව ලන්සුවකට දිය යුතුයි

:       1       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site