IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ක්ලෝරින් කාන්දු වී පස්සර රෝහල වැසෙයි

(ප්‍රසාද් රුක්මල් සහ සමන්පාලිත නානායක්කාර)

පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික  රෝගින් සියලුම දෙනා රෝහලේ වාට්ටුවලින් ඉවත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ඉන් රෝගින් 14 ක් තාවකාලිකව හොප්ටන් රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බව පස්සර රෝහලේ ප්‍රකාශකයෙක් කීය.

ක්ලෝරීන් සිලින්ඩරයක් කාන්දු වී හුස්ම ගැනීමට අපහසු වී රෝගිවූ රෝහල අසල රෝහල් නිල නිවසක සිටි 76 හැවිරිදි කාන්තාවක බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කර ඇති අතර , අවුරුදු 43 හැවිරිදි පුද්ගලයකු , 73 හැවිරිදි කාන්තාවක් සහ26 හැවිරිදි තරුණියක පස්සර රෝහලේන් ප්‍රතිකාර ලබා ගත් බවද පස්සර රෝහලේ දිසා වෛද්‍ය නිළධාරි වෛද්‍ය චානක දංකන්ද මහතා සදහන් කළේය .

පස්සර ප්‍රාදේශීය සභාවෙට අයත් පස්සර ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවීමක් හේතුවෙන් මොවුන් සිව්දෙනා හුස්ම ගැනීමට අපහසු වී ශ්වසනා බාධයට ලක්ව සිටි බවත් ,මින් බදුල්ල ශික්ශන රෝහලට මාරු කර යැවූ රෝගී කතගේ තත්ත්වය තරමක් බරපතළ බවද හෙතෙම පැවසීය .



අදහස් (0)

ක්ලෝරින් කාන්දු වී පස්සර රෝහල වැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site