IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කුලියාපිටිය නැගෙනහිර සමූප ඡන්දෙන් පොහොට්ටුවට අන්ත පරාජයක්

(දිනේෂ් උපේන්ද්‍ර)

කුලියාපිටිය නැගෙනහිර සමූපකාරයට සභිකයන් තෝරාපත් කරගැනීම සඳහා පැවැති ඡන්දයෙන් පාලක පොදුජන පෙරමුණ පරාජයට පත්කරමින් විපක්ෂ කණ්ඩායම ජයගත්තේය. 

පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 25ක් ලබාගෙන ඇති අතර පොදු විපක්ෂය එකතුව ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 67ක් ලබාගෙන ගත්තේය. එහි මුළු ආසන සංඛ්‍යාව 92කි.

ඡන්දය පැවැත්වීමෙන් අනතුරුව දෙපිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින් කීප දෙනකු කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට හා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

සමූපකාර නිලවරණයේදී පොහොට්ටුව නියෝජනය කරමින් තරඟවැදුන පිරිස පරාජය කරමින් විවිධ පක්‍ෂවලින් සැදුම්ලත් කණ්ඩායමක් ජයගැනීමෙන් අනතුරුව එම ප‍්‍රචණ්ඩකාරී තත්වය ඇතිවූ බව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රථිකාර ලබන පිරිසගේ සුවදුක් බැලීමට පැමිණි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා රෝහල් පරිශ‍්‍රයේදී මාධ්‍යට පැවසීය.



අදහස් (5)

කුලියාපිටිය නැගෙනහිර සමූප ඡන්දෙන් පොහොට්ටුවට අන්ත පරාජයක්

fairoos Sunday, 27 March 2022 08:19 PM

අපේ ඡන්දය තවත් පොහොට්ටුවට විතරයි...!

:       59       56

සමන්ත Monday, 28 March 2022 11:41 AM

ඉස්සර නම් සතොස වගේම ආයතනයක් සමුපකාර කියන්නේ.. දැන් එහෙම එකක් තියෙනවද කියලා දන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ සමූපකාර සමිති තවමත් ක්‍රියාත්මක වෙනවාද?

:       0       5

Jagath Monday, 28 March 2022 12:15 PM

ඉදිරියේදී පොහොට්ටුවට දිගටම පරාජය තමයි.

:       0       6

sharm warn Monday, 28 March 2022 04:20 PM

මේ ටික පාර්ලිමේන්තු මැතිවරණයේදීත් වෙන්න ඕනෑ...

:       0       3

අතුල Tuesday, 29 March 2022 11:48 PM

ඉදිරි මැතිවරණ වලදිත් ප්‍රතිපලය ඕකම තමයි . මිනිස්සුන්ට අමාරුකම්, අසරණකම් දරාගන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 416 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 583 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 236 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site