IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කැලයට ගිය ඔයාමඩුවේ ගබඩා සංකීර්ණය

(දයාරත්න ඇඹෝගම)

පසුගිය 2012 වසරේදි “දැයට කිරුළ” වැඩ සටහනට සමගාමිව මහවිලච්චිය , ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති ගබඩා සංකීර්ණය නිරික්ෂණය කිරිම සඳහා වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් එහි ගියහ.

එළඹෙන මහ කන්නය ආරම්භ වීමත් සමඟ ගොවීන්ගෙන් වී මිල දී ගැනීමට සහ සහල් වෙළඳපොළට ලබාදීම සදහා රජය සතුව විධිමත් වැඩපිලිවෙලක් පවතින බැවින් , රජය සතු වී ගබඩා පරීක්ෂා කර ඒවායෙහි අලුත්වැඩියා කටයුතු සිදුකිරිමෙන් පසුව වී ගබඩා කිරිමට යොදාගැනිමේ හැකියාව පිලිබදව අමාත්‍යවරයා මෙහිදි සොයා බැලිය.

වී සඳහා සහතික මිලක් ලබාදීම මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් මීල දී ගැනීමට සැලැස්වීම රජයේ අරමුණ බව මෙහිද අමාත්‍යවරයා පැවසිය.

ඔයාමඩුව ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ ගබඩා තුනක් පවතී. මින් එක් ගබඩාවක් කාබනික පොහොර නිෂ්පාදනය සදහා කුලී පදනම මත ලබා දී ඇති අතර තවත් ගබඩාවක් වී ගබඩා කිරිම සදහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යයි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත කුමාර නවරත්න , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් මංජරී සී . චන්ද්‍රදාස යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (6)

කැලයට ගිය ඔයාමඩුවේ ගබඩා සංකීර්ණය

pj Saturday, 04 January 2025 02:24 AM

අපේ රට සකස් විය යුත්තේ ආර්ථික හා සමාජයික වශයෙන් පළමු පන්තියේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් ඉලක්ක කරගෙන මිස කොළ සඟවා කාඩ් සෙල්ලම් කරන නඩයකගේ අනාගත දේශපාලන ඉලක්ක සපුරාලීමට නොවේ. රජය ව්‍යාපාර නොකළ යුතු අතර කළ යුත්තේ රටට ගැලපෙන නීති පද්ධති මගින් ව්‍යාපාර පාලනයක් පමණි.

:       8       8

Sanka Saturday, 04 January 2025 06:48 AM

ඇයි මේ නිලධාරීන් තවම ටයි දාන්නේ? මේක ෆ්ල්ඩ් ට්‍රිප් එකක්. නිල උත්සවයක් නෙමෙයිනේ ගිනි අව්වේ ටයි දාගෙන දාඩිය පෙරාගෙන ඉන්නවා. කතා කරන එකක්වත් ඔළුවට යනවාද දන්නේ නෑ.

:       1       8

Lalla Saturday, 04 January 2025 09:41 AM

හිතුමතේ සංවර්ධන වැඩ ගැන සෞඛ්‍ය ඇමැති කිව්ව කතාව සාධාරණයි කියලා රටපුරාම තියෙන අතහැර දාපු ගබඩා සහ භාවිතා නොකර අතහැර තියෙන ගොඩනැගිලි සංකීර්ණ ගැන ඇහෙන කතාවලින් තේරෙනවා නොවේද? කොමිස්වලට හදපු ප්‍රායෝගික නොවන ගොඩනැගිලි...

:       1       13

Pradeep Kumara Saturday, 04 January 2025 10:29 AM

"දැයට" කිරුල කෙසේ වෙතත් ඔය ව්‍යාපෘතියෙන් ගොඩ දෙනෙක් කිරුලු පැළඳුවා. ඒකෙ ආදීනව තමයි මේ බහුතරයක් සාමාන්‍ය ජනතාව විඳින්නේ...

:       3       20

fairoos Saturday, 04 January 2025 03:49 PM

ජනතා මුදල්වලට වෙච්චි දේ...!

:       1       9

de silva Sunday, 05 January 2025 08:44 AM

පිටරටින් සහල් ගෙන්වන්න ගහන බද්ද කිලෝ එකට රුපියල් 10ක් විතර ප්‍රමාණයක් දක්වා අඩු කළා නම් වෙළඳපලේ සහල් මිල නිකම්ම පාලනය වෙනවා. මේ ගබඩා හදන්න, වී මෝල් හදන්න බොරුවට මහජන මුදල් නාස්තිකරන එකේ කිසිම වාසියක් ජනතාවට ලැබෙන්නේ නැහැ. බදු මුදල් වලින් පොහොර, වාරි මාර්ග ඇතුළු වෙනත් සහනාධාර ගොවියාට දුන්නාට වැඩක් නැහැ. ඔහු වී විකුණන්නේ ඩඩ්ලිට, අන්තිමට අපි වැඩි මිලක් ගෙවලා සහල් ගන්නවා... මේ ප්‍රෝඩාවට තිත තියන්න ඕනේ... රජය ව්‍යාපාර යන්න හොඳ නැහැ. භාණ්ඩ වලට පාලන මිලවල් දැමීමෙන් වෙන්නේ එම භාණ්ඩ වලට කළුකඩ මිලක් නියම වීම පමණි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site