IMG-LOGO

කලබල කළ පුද්ගලයා මෙල්ල කරන්න පොලීසියෙන් වෙඩි

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකුලට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

අද(06)    උදෑසන 10.15 ට පමණ කටුනායක , 18 කණුව  , මායිම් පාර ප්‍රදේශයේ නිවෙසකට කිසියම් පුද්ගලයෙකු පැමිණ පහර දෙමින් , කළහකාරී ලෙස හැසිරෙන බවට , එම නිවෙස් හිමියන් සීදූව පොලීසිය වෙත පැමිණිළි කර තිබේ .

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානයට යන විටත් , ඔහු එම ස්ථානයේ රැදී සිට ඇති අතර , ඔහු පාලනය කර එතැනින් ඉවත් කිරිමට ප්‍රයත්නදරත්දී , ඔහු පොලිස් නිලධාරීන්ටද  ප්‍රහාර එල්ල කර තිබේ .

‍එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයාට වෙඩි තබා තිබේ .

 මෙම ගැටුමෙන් පොලිස් නිලධාරීවරයෙකු ද තුවාල ලබා ඇති අතර , වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සීදුව රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබේ .



අදහස් (4)

කලබල කළ පුද්ගලයා මෙල්ල කරන්න පොලීසියෙන් වෙඩි

රම්බොඩ Tuesday, 06 May 2025 11:23 AM

අන්තිමට පොලිස් නිලධාරීයා හිරේ ගිහින් වැැරදි කාරයා ගෙදර යයිද දන්නෙ නෑ.

:       16       13

වින්සන්ට් කජ්ජාTuesday, 06 May 2025 01:40 PM

නීතියට අනුව වැඩකරල නම් අවුලක් නෑ. මාලිමා ආණ්ඩුවක් තියෙන්නේ. අහිංසකයෝ ඇතුලට යැව්වේ දැල්පන්දු ගැහුව කාලේ.

:       1       0

කෞෂිTuesday, 06 May 2025 04:27 PM

නීතියට අනුව වැඩ කරන්න. අවුලක් නැතිවෙයි. ඊට පිටින් තනතුරු, වරප්‍රසාද, සල්ලි, බලය බලාගෙන වැඩ කෙරුවොත් මේසපංදු 2.0.

:       1       0

NPP Tuesday, 06 May 2025 12:33 PM

ඒව ඉස්සර . දැන් යන්නේ හරිම කෙනා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2109 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 653 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 730 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site