
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුයුක්ත සියලු ග්‍රාම නිළධාරීවරුන් අද සිට, ආපදා සහන රාජකාරී කටයුතු වලින් ඉවත් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිළධාරී සංගමයේ කල්පිටිය ශාඛාව, කල්පිටිය වැඩ බලන සහකාර ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා ප්‍රියදර්ශණී මහත්මියට ලිඛිතව දැනුම් දී ඇත.
ආපදා තත්ත්වය යටතේ ජන ජීවිතය යථාවත් කිරීමේ රාජකාරීවලදී නිළධාරීන්ට බැණ වැදීම්, තර්ජනය කිරීම් සහ සාපරාධී බළහත්කාරය පෑම ආදී කාරණා හේතුවෙන් ග්‍රාම නිළධාරීවරුන් මෙම තීරණයට එළැඹි බැව් ඔවුහූ පවසති.
මේ වන විට කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවර්ධන නිළධාරීයකු පහර කෑමට ලක්ව රෝහල් ගතව ප්‍රතිකාර ලබා ඇති අතර,තවත් සංවර්ධන නිළධාරියකු සාපරාධී බළහත්කාරය පෑම යටතේ කාන්තාවකට එරෙහිව පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයේ නඩු පවරා ඇත.
ග්‍රාම නිළධාරීන් දෙදෙනකු ද බැණ වැදී තර්ජනය කිරීම් පිළිබදව පොලිසියේ පැමිණිළි කර ඇත.
අප මේ පිළිබදව විමසීමට බලධාරීන් සම්බන්ධ කරගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතෘතුමනි, බලධාරීන්ගෙන් අවාසනාවට වඩා, මිනිස්සුන්ට ඉවසිලිවන්තව තම සහන ලබාගැනීම ගැන උපදෙසක් දෙන්න. මෙම නිලධාරීන්ගේ කාර්ය බහුලත්වය පමණක් නොවෙයි පුද්ගලික ජීවිතයක් ද නොමැතිවයි මේ දිනවල වැඩ කරන්නේ. ඇතැම් නිලධාරින්ද ආපදාවට ලක්වෙලා.
අසරණ කිව්වට සමහර මිනිස්සුන්ට තමන් ඉන්න තත්ත්වය අමතක වෙනවා. තිරිසනුන් වගේ හැසිරෙනවා. ඒක අපිත් අත්විඳලා තිබෙනවා. ඒත් රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරිය පැහැර හරින්න බෑ නේද?. පොලිස් හෝ හමුදා ආරක්‍ෂක සහාය ඉල්ලීම බැරිද?
මේත් විපක්ෂයේ දහන් ගැටයක් විය හැකියි, බලේ නැහැ, සැප නැහැ, රට ගමන් නැහැ, කුපාඩිකම් කරන්න බැහැ. ඉතින් හදනවා පෙරලන්න...