
(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
බොහෝ මාර්ග ජලයෙන් යටව පැවති අතර මේ හේතුවෙන් ගමනා ගමනයද ඇනහිට තුබූ අයුරු නිරීක්ෂණය විය.
අනපේක්ෂිත අයුරින් පැයක පමණ කාලයක් පුරා ඇදහැළුණු අධික වැසි සමග මෙසේ ගංවතුර තත්වය ඇතිවූ බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.
මේ හේතුවෙන් ප්‍රදේශයේ නිවස රැසක් ජලයෙන් යටව ඇති අතර එම නිවසවල ජිවත් වන පුද්ගලයන් දැඩි අපහසුතාවයට පත් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd