(ඉන්දිකා රාමනායක)
කිලිනොච්චි ප්‍රදේශයේ ජනතාව බිය ගන්වමින්, තියුණු ආයුධවලින් පහර දීම්, නිවාස හා දේපළවලට පහර දී අලාභ හානි සිදුකිරීම් සහ කොල්ල කෑම් ඇතුලු අපරාධ රැසක්ට අවශ්‍ය කර සිටි අපරාධ කල්ලියක 6 දෙනකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
මොවුන් සම්බන්ධයෙන් හෙළි කරගත් තොරතුරු අනුව අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස මුදල් කොල්කෑම, යතුරු පැදි කොල්ල කෑම ආදි අපරාධ වලට සම්බන්ධ බව පොලිසිය කියයි.
සැකකරුවන් අවුරුදු 21-32 අතර පසුවන කිලිනොච්චි හා අක්කරායන්කුලම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.
සැකකරුවන් අද (4) කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd