
(සුජිත් හේවාජුලිගේ )
මීට කලින් පැවති නව වැනි පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ද වසර දෙකක් යනතුරු වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව එසේ කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතු නිලධාරීන් සෑම වසරකම මාර්තු මස 31 වැනිදාට පැවති දේපළ පිළිබඳ විස්තර ඇතුළත් වත්කම් බැරකම් ප්‍රකාශය මේ මස 30 වැනිදාට ප්‍රථම ආයතන ප්‍රධානීන්ට භාරදිය යුතුවේ.
ඉන් පසු එම වත්කම් බැරකම් ප්‍රකාශ ආයතන ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නොපමාව යොමු කරනු ලැබිය යුතුවේ.
නියමිත දිනට වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදෙන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන් පිරිසක් තවමත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ භාරදී නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd