
(අංජුල මහික වීරරත්න)
රටේ හැම අංශයක්ම පිරිසිදු කරන Clean Sri Lanka ජාතික වැඩසටහන ජනවාරි පළවෙනිදා සිට අරඹන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්. ආර්.ඩී. අපොන්සු මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ජනවාරි 1 උදෑසන 9.00ට මෙම ජාතික වැඩපිළිවෙල ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
Clean Sri Lanka ජාතික වැඩසටහන කිසිදු දේශපාලන පක්ෂයකට අයිති එකක් නොව මුලු රටේම පුර වැසියන් හා බද්ධවූ ජාතික වැඩපිළිවෙලක් බවද ජී.එන්. ආර්.ඩී. අපොන්සු මහතා කීය.
පොහොසත් රටක් ! ලස්සන ජීවිතයක් ! යන තේමාවෙන් ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙල යටතේ මුලු රටේම පරිසරය පිරිසිදු කරනවාට අමතරව ලොව දියුණු රටවල ජනතාව බුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුමකර දීමේ අරමුණින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව රජය අරඹන ඉතා හොඳ වැඩපිළිවෙළක්. විශේෂයෙන් පරිසරයට මුදාහරින කඩදාසි, ප්ලාස්ටික්, වීදුරු, බෙලෙක්ක වැනි අපද්‍රව්‍ය ක්‍රමවත්ව මුදාහරිමින් පරිසරය පිරිසිදු කරන වැඩ පිළිවෙලකට ජනතාවද හුරුකරවීම අත්‍යාවශ්‍ය දෙයක් වී ඇත.
වැඩේ හරියට, දිගටම කරනවා නම් අපිත් බොක්කෙන් සපෝර්ට්...
ලංගම බස් ටිකයි ප්‍රයිවට් බස් ටිකයි සෝදලා දාන්න. හැමදාම උදේට. කෝච්චියටත් ඒ විදියටම කරන්න . ඕනවාටත් වඩා සේවකයින් ඉන්නවා ඒ වැඩේට .
ඔව් අපිට පුළුවන්... සුබ පැතුම්