IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ක්ලීන් ශ්‍රී ලංකා දිගරොල්ල පාලම සුන්දර වේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය වෙන් කෙරෙන වසර 100 ක් පමණ පැරණි මොරටුව දිගරොල්ල පාලම  අවදිමත් ලෙස බැහැර කර දැඩි පාරිසරික හානියක් කර තිබූ කැලිකසල ඉවත් කිරීම කිරීම පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හා සමගාමීව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියමෙන් මහජන සහභාගිත්වයෙන් පරිසරය පිරිසිදුව තබා ගැනීම අරමුණු කරගෙන සුද්ද පවිත්‍ර කිරීම සිදුකෙරිණි

පුරා පැය තුනහ මාරකට අධික කාලයක් පානදුර උතුර පොලිසියේ පරිසර අංශයේ නිලධාරීන් , පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්, හා හොරේතුඩුව සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් එක්ව දිගරොල්ල පාලම මත දමා තිබූ විවිධ කැලි කසල වෙන්කර ඒවා ට්‍රැක්ටර් තුනක බහා එම කසල තොගය භාර ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ව්‍යාපාරිකයකුට අයත් භූමියකට බැහැර කිරීමට කටයුතු කෙරිණි



අදහස් (9)

ක්ලීන් ශ්‍රී ලංකා දිගරොල්ල පාලම සුන්දර වේ

පම්පෝරි ජනක Sunday, 05 January 2025 08:08 AM

ඔහොම සුද්ද කළා කියලා වැඩක් නැහැ. බාගෙට පරිණාමය වෙලා තියන අපේ ඇත්තෝ ඔතැනට ආපහු පැරණි විදිහටම කුණු ගොඩ ගසනවා. ඒවා නවත්තන්න නම් දියුණු රටවල වගේ දැඩි නීති හා දඬුවම් ගේන්න ඕනේ.

:       0       32

fairoos Sunday, 05 January 2025 10:43 AM

සුනාමි ව්‍යාපෘතියේ ගෙවල් 500ක් අතහැරලා දාලා තියනවා ඒවත් ඒවත් භාවිතයට ගන්න පුළුවන් වැඩ පිළිවෙළක් කළොත් හොඳයි නේද?

:       0       15

යෝගා Sunday, 05 January 2025 10:45 AM

කසල තොගය භාරගන්න ඇත්තේ පහුගිය ඡන්දෙට මාලිමාවේ පෝස්ටර් වලට වියදම් කරපු කෙනෙක් වෙන්න ඕනෑ. තව ටික දවසකින් පාරක් අයිනට ගෙනත් දාන්න ඉඩ දෙන්න එපා. මොවුන්ව එච්චරටම ෂුවර් නෑ.

:       22       9

Rifan Sunday, 05 January 2025 11:46 AM

හොඳ ආදර්ශමත් ඇරඹුමක් හා පියවරක් මේ වගේ රටපුරා කරන්න පුළුවන් ජනතාව සහභාගි කරගෙන රටක් සහ ජාතියක් ලෙස පෙරට යන්න නම් මෙවැනි පියවරවල් අත්‍යාවශ්‍යයි.

:       2       19

Lalla Sunday, 05 January 2025 12:03 PM

කසල මෙතෙක් පිරිසිදු නොකළ ප්‍රාදේශීය සභාව හෝ නගර සභාවට වගකීම නැතිද? බදු එකතු කර සේවකයින්ට පින්පඩි ගෙවීම හරිද?

:       1       15

sunilSunday, 05 January 2025 02:16 PM

නාගරික කසල දැවැන්ත ප්‍රශ්නයක්. පරිභෝජන භාණ්ඩ සැපයුම් දාමය තුල, ආකර්ශනීය පෙනුමක් ලබා දීමේ අටියෙන් අනවශ්‍ය විධියට භාණ්ඩය සමග කසල තොගයකුත් ලැබෙනවා. ඒවා නිදහස්ව පරිසරයට මුදා හරිනවා. මේ ගැන සියලුම ජනතාව සහ වෙළඳ ප්‍රජාව වග වියයුතුයි. කොහොමද කසල නිදහස් කිරීම වම කරන්නේ කියල සැවොම සිතිය යුතුයි. එහෙම නැතිව එකතුවන කුණු සම්භාරය කොහාට හරි ඇදල දැමීමෙන් පමණක් අත පිහදා ගන්න බැහැ. බොහෝ අය හිතන්නේ තම ගෙය සහ ඉඩම පිරිසිදුවට තියා ගත්තහම හරි කියල. නමුත් තිරසාර ලෙස කසල බැහැර කිරීම ගැන හිතා මතා කටයුතු කිරීම අප සැමගේ වගකීමක්. වගවීමක්. Refuse (ප්‍රතික්ෂේප කිරීම) Reuse (නැවත නැවත භාවිතා කිරීම Recycle (ප්‍රතිචක්‍රීය කරණය ) යන තෙවැදෑරුම් සංකල්ප ගැන භාණ්ඩයක් ගැනීමේදී හිතන්න. ඉන් අනතුරුව පරිසරයට දෙන කසල ප්‍රමාණය අවම කරන්න.

:       0       0

sam Sunday, 05 January 2025 12:30 PM

මේ වගේ කරන පිරිසිදු කිරීම් විවේචනය කරන්නේ අමු හඩ්ඩෝ, මූණ හෝදන්නේ නැති, දත් මදින්නේ නැති අය. ඉතින් මේවට කැමැති නැහැ...

:       3       9

Lalla Sunday, 05 January 2025 02:05 PM

පාර පාලම පිරිසිදු කිරීම පලාත් ආණ්ඩු සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය සතු වගකීමක්. ආයතන දෙකම වගකීම පැහැර හැර තිබෙනව.

:       0       3

Rohitha Sunday, 05 January 2025 03:47 PM

ප්‍රධාන ගැටලුව වන්නේ නගර සීමාව අවට ප්‍රමාණවත් අපද්‍රව්‍ය බාල්දි නොමැති වීමයි. පාරේ ගියොත් එහෙම බාල්දි වැඩිය නෑ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site