IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන බොරු හඬ පටයක්

(යොහාන් භාසුර)

ක්ලීන් ශ්‍රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි' ලෙස 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව අසත්‍ය වීඩියෝවක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනතාව තම නිවස ඉදිරිපිට පිරිසිදුව තබා ගන්නා ආකාරය ඇතුළු තවත් කරුණු රැසක් මෙම වීඩියෝවෙන් ප්‍රචාරය කරන බවත් එසේ ක්‍රියා නොකරන පුද්ගලයන්ට එරෙහිව මේ මස 15 වැනිදායින් පසුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම වීඩියෝවේ සඳහන්ව ඇති බවත් පොලිස් පහත කොට්ඨාසය පවසයි.

ශ්‍රී ලංකා පොලිසිය එවැනි හඬ පටයක් නිකුත් කර නොමැති බව කියන පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම හඩ පටයක් නිකුත් කර පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වැඩිදුරා සඳහන්න් කළේය. 



අදහස් (3)

’ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන බොරු හඬ පටයක්

පම්පෝරි ජනක Saturday, 04 January 2025 01:51 PM

බොරුවක් වුණත් එහෙම නීතියක් ගෙනාවොත් විතරයි ලංකාවේ මිනිසුන්ව හදන්න පුළුවන්..., හැබැයි මාලිමාවේ උන්දැලාට කොන්දක් නැහැ. එහෙම බය නැති නීති හදන්න...

:       39       24

de silva berlin Sunday, 05 January 2025 08:13 AM

පම්පෝරි ජනක නිතරම පොදුවේ ජනතාව පිට වරද පටවන්න එපා. ලෝකයේ දියුණු රටවල ජනතාව තැන තැන කසල බැහැර නොකරන බව සත්‍යයකි. නමුත් එම රටවල රජය මගින් අවශ්‍ය ස්ථානවල කසල දැමීමට බඳුන් ස්ථාපිත කර නිසිලෙස කසල බැහැර කරනු දකින්නට ලැබෙනවා.. ලංකාවේ පැවති කිසිම ආණ්ඩුවකට කසල බැහැර කිරීම නිසිලෙස සිද්ධ කරන්න අසමත්විය. මාලිමා ආණ්ඩුව දැන් කළ යුත්තේ මුලින්ම අවශ්‍ය ස්ථානවල කසල බඳුන් තබා ඒවා කලට වෙලාවට හිස් කිරීමේ ක්‍රමවේදයක් සකසන එක, ඊට පස්සේ පුළුවන් ජනතාව ඒවාට කසල දමන්න යොමු කරන්න හෝ එසේ නොකරනවා නම් නීතිමය පියවර වලට යන්න. එසේ නොකර බොරුවට මාධ්‍ය සංදර්ශන තිබ්බට ප්‍රශ්නේ විසඳෙන්නේ නැත. දැන් ලංකාවේ බොහෝ දෙනෙක් වසර 20-30කට පෙර තත්වය සමග සන්සන්ධනය කරන විට පාරේ කසල දැමීමෙන් බොහෝ දුරට වැළකිලා සිටින බව නිරීක්ෂණය වෙනවා. බංගලාදේශේ ඉන්දියාවේ සංචාරය කරන කොට පෙනෙනවා අපි එහෙට වැඩිය පිරිසිදු කමින් ඉහළ තත්වයක් සිටින බව, අවශ්‍ය ප්‍රමාණයට කසල බඳුන් තිබෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

:       1       2

R.T. Sarath Sunday, 05 January 2025 08:16 AM

පම්පෝරි ජනක, අවශ්‍ය ප්‍රමාණයට කුණු බක්කි පාරේ තිබෙනවා නම් කුණු ඒවාට නොදමා පාරේ විසි කරන්න තරම් මිනිස්සුන්ට පිස්සුවක් තිබෙනවාද? මුලින්ම පාරේ කුණු බක්කි තියන්න. ඊට පස්සේ කලීන් ශ්‍රී ලංකා හෝ නීති දැමීම ගැන කතා කරන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site