(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කලුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී.ඩී.ජයසිරි මහතාගේ නිවසට මන්නයක් රැගෙන කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කලුතර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුන මන්ත්‍රී ශශී සුපුන් මහතා අද (5) රාත්‍රි එම මන්නයත් සමග අත්අඩංගුවට ගත් බව කලුතර උතුර පොලිසිය කියයි .
සැකකාර මන්ත්‍රී වරයා පනාපිටිය ප්‍රදේශයේ සිදු කරන බව කියන අනවසර ඉදි කිරීමක් උප සභාපති වරයා නැවැත්වීම සම්බන්ධයෙන් උරනව ඔහු සොයා නිවසට ගොස් ඔහු නොමැති වීම හේතුවෙන් ගේට්ටුවට තියුණු ආයුධයකින් පහර දී ඇති බව උප සභාපති වරයාගෙ බිරිඳ පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන් වන බව පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රී වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රී වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ අනිත් පක්ෂවල මන්ත්‍රීන් කරන වැඩ දිහා බැලුවම මේක ඒ තරම් දෙයක් නෙමේ. මේ ජේවීපී එකට සුදුහුණු ගානවා නොවෙයි. ඔවුන් මේ කාලයේ හොර, මැරකම්, වංචා, දූෂණ ගැන සොයාබලා හෙළිදරව් කිරීම නිසා ඔවුන් රටට විශාල මෙහෙයක් කරනවා. ඒත් මෙවැනි වැරදිද සාදාගත යුතුයි. මේ තීරයේ ලියන සෑම් නැමැත්තෙක් සිටිනවා. ඔහු වැනි අන්තවාදීන්ගෙන් ජේවීපී එකට සිදුවනුයේ අවැඩක්මයි. ඒ බව ඔහු මෙන්ම අන් අයද දැනගතයුතු කරුණක්. මක්නිසාද යත්...? නැවක් ගිලෙන්නට පුංචි සිදුරක් ප්‍රමාණවත්... ජේවීපී එකේ පිරිහීමටත් සෑම් වගේ එක මිනිහෙක් සිටියාම හොඳටම ඇති...
ජනතාවට සේවය කිරීමේ අලුත්ම ක්‍රම... බලාගෙන ගියාම කවුරුත් එකයි වගේ.
හීනෙන්වත් මිනිසුන්ට අගතියක්, හොරකමක්, අවැඩක් නොකරන " නිකන් බොරුවට දියව් දියව් කියමින් මිනිසුන්ට නිතරම කරදර කළාට "මේ අහිංසකයින් මෙවැනි නරකාදී වැඩක් කරයි කියලා අපි නම් විශ්වාස කරන්නේ නැහැ. විශේෂයෙන් කළුකුමාරයාගේ ළඟම ගොට්ටෙක්නේ මේ රතු මලයා...
මෙය නම් වැරදීමක්.. ජ.වි.පේ වගේ විනයක් සහිත පාක්ෂික සමාජිකයෙකු මේ ලෙස හැසිරෙන්නවත් නීතී විරෝධී ඉදිකිරීම්වත් කලා වෙන්න බෑ. වෙනත් පක්ෂ එසේ කළත්. වහා සොයා බලන්න.
ජවිපේ මන්ත්‍රීවරු ඔහොම දේවල් කරන්නේ නෑ. අනුර කුමාර අගමැති වෙන එක වළක්වන්න ආණ්ඩුවේ කුමන්ත්‍රණ මේවා...!!!
ජවිපය අද නෙමෙයි 1971දීත් සමහරු මංකොල්ල කාපු සල්ලිවලින් වී මෝල් දමලා ලොකු සල්ලි කාරයෝ වෙලා ඉන්නවා. දැන් ඉන්න රතු මල්ලිලා නම් කියලා වැඩක් නැහැ. ඒකනේ ගිණුමේ මිලියන 7000ක් තියෙන්නේ...