
(ඩයනා උදයංගනී)
කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහලයමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ හේතුවෙන් කැලණි ගඟ නිම්නයේ දැනට පවතින ගං වතුර තත්වය තව දුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.
ඒ අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවතින ගං වතුර තවත් වර්ධනය වනු ඇතැයි ඔහු කීවේය.
කැලණි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට තද වැසි ඇතිවීම මෙයට හේතුව බවද සුගීෂ්වර මහතා පැවසීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණට සාදුට කෝල් එකක් දෙන්න. මේ ව්‍යවසනය නවත්වන්න චීන, ප්ලාස්ටික් බෝතලේට මණිඅක්ඛිත නාගරාජයා කැඳවන්න කියලා...!!!
ඇත්තෙන්ම කියනවා නම්, අර එදා කැලණියට වැඩම කල නාගරාජයාගේ අනුහස් නේද මේ පෙනෙන්න තියෙන්නේ..? ඉස්සර වගේ නෙවෙයි දැන් කැලණිය හරිම ආශ්චර්යමත්. ඒ ප්‍රදේශයේ දිවි ගෙවන මිනිස් ජීවිත කොතරම් සුන්දරද කියලා දැන් තමයි පේන්නේ....
එදා මගේ මාණික්‍යයේ නම විකුණලා බලයට පත්වෙලා මෙතෙක් කරපු නස්පැත්ති වලට.., බලපන් මම අඹරන හැටි කියලා මණිඅක්ඛික නා රජු කිව්වලු...
නියමයි...!