
(විනීතා එම් ගමගේ)
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි කැලණි ගඟේ වම් හා දකුණු ඉවුරුවල පරිසර බලපත් ලබානොගෙන පවත්වාගෙන යන කර්මාන්ත සොයා අද (18) සිට මේ මස 22 දක්වා මෙහෙයුමක් සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.
මධයම පරිසර අධිකාරියේ නිලධාරින් හා පොලිසිය එක්ව මෙම මෙහෙයුම දියත් කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ, බස්නාහිර පළාත් කාර්යාලයේ සහ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම් 13 මේ සඳහා යොදවා ඇති බවත් මෙම කලාපයේ පොලිස් ස්ථාන හතක නිලධාරින් මේ සඳහා එක්වන බවත් හෙතෙම කියා සිටියේය.
කැලණි ගඟේ ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීමට සහ වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකිරීමමෙම වැඩපිළිවෙලේ අරමුණ යැයි කී අමරසිංහ මහතා කැලණි ගඟට අපජලය හා අපද්‍රව්‍ය බැහැර කරන කර්මාන්ත සොයාගැනීම ද මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් බව කීය.
රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම මෙහෙයුම දියත් කරන බව ද සභාපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් බොරු කතා. යන්නකෝ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ළඟට...
මහවැලි අධිකාරියේ, පරිසර අධිකාරයේ ඉන්න පින් පඩි කාරයෝ නැගිටිනකොට මහවැලි ,කැළණි ,කළු ,වලවේ විතරක් නොව ලංකාවේ තියෙන ඔක්කොම ජලමුලාශ්‍ර ටික කුණු කාණු වෙලා තියෙන්නේ. ජල සම්පාදනේ අය කියනවා කෝටි ගණනක් වියදම් වෙනවා කියලා වතුර පිරිසිදු කරන්න. අධිකාරි දෙකේම ඉන්න පින්පඩි කාරයින් බබ්බු වගේ ඉන්නවා.
මෝඩ රැළ... පාරිසරික ආරක්ෂාවක්.. බලපත්‍ර නැති ව්‍යාපාර කොච්චර තියෙනවද? ගඟට කුණු වතුර දාන අයට මොනවත් මේ ලයිසන් ගන්න ඕනේ නැහැ. ඒ අය බිස්නස් එකත් හොරට රෙජිස්ටර් කරන් පරිසරේ කකා ප්‍රාදේශීය සභාවලට පගාදිදී ජොලියේ ඉන්නවා.
මේ වගේ මෝඩ මිනිස්සු ටිකක්... වැරදි කරන අයව අල්ලන්න එන්නේ මුලු රටටම කියලා..
නිවැරදි තීරණ ගන්න. බිය නොවන්න.
පොදු කාණු පද්ධතියට නිවසේ අප ජලය හැරවීමත් තහනම් වෙන්න ඕනේ... ස්වභාවික ජල මාර්ග, කුඹුරු... දුර්ගන්ධය හමන තැන් වෙන්නේ මේ හින්දා...
වැටලීම් කරන්න ඕනේ.. රහසිගතව නේද? දැන් ඉතින් අල්ලයි නැට්ට..
කොලොන්නාවට ගිහින් බලන්න. තෙල් ගබඩාව අසල....
අපොයි. හපොයි. කැලණි ගඟට අප ජලය හරවා මේ විනාශ කරන්නේ නා ලොව නා දෙවියන්ගේ ගමන් මාර්ගය නේද මෝඩ මිනිසුනේ? මේ අසමත්ජාති වැඩේ වහාම නතර කරනු. නැත්නම් අපි කොහොමද මැතිවරණ කාලෙක ආයෙත් සැරයක් නා රජතුමන් ප්ලාස්ටික් බෝතලේක හිර කර නාග මාණික්‍ය වඩම්මා ගෙනැවිත් අසරණ මිනිස්සුන් ගොනාට අන්දන්නේ. බොරුනම් පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අහලා බලාපල්ලා. අර රූපවාහිනියේ දේශනා කළා වගේ හොඳට කියලා දෙයි.