
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත දේශපාලනික කටයුතු, සාමය ගොඩනැගීම සහ සාම මෙහෙයුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කලීඩ් කියාරි මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවූයේය.
විදේශ අමාත්‍යංශයේ දී පැවති මෙම හමුවේදී විදේශ අමාත්‍යවරයා , වසංගතයෙන් පසුව උද්ගත වූ ආර්ථික අභියෝග සහ ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය ඇතුළුව, වසංගත තත්ත්වය හමුවේ , ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ප්‍රතිසාධන කටයුතු සම්බන්ධ කරුණු එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම්වරයා වෙත පැහැදිලි කළේය.
තවද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් වන යෝජිත සංශෝධන ඇතුළුව සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වන දේශීය ක්‍රියාවලීන් හි මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍යවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්වරයාව දැනුවත් කළේය.
ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය තුළ ඇති කැපවීමද අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා මෙහිදී අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකාව විසින් ස්වේච්ඡාවෙන්ම භාරගෙන ඇති ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව තිරසාර සාමය සහ සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සැම විටම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බව විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
සහකාර මහ ලේකම් කියාරි මහතා සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්- හම්ඩි මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනෙකුත් නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. විදේශ ලේකම්වරයා ඇතුළු විදේශ අමාත්‍යංශයේ නිලධාරීහු ද මෙම හමුවට සහභාගි වූහ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසි වාරයට සමගාමීව මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී අතිගරු ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවේ පසු විපරමක් වශයෙන් ශ්‍රී ලංකා රජය සිදු කළ ආරාධනාවකට අනුව සහකාර මහ ලේකම්වරයා මෙලෙස ශ්‍රී ලංකාව තුළ සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd