
(ඩයනා උදයංගනී)
පසුගිය වර්ෂයේ දී පැවැත්වීමට තිබී කොවිඩ්වි වසංගත තත්වය හේතුවෙන් කල්ගිය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය ලබන ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වෙන අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ.
අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මස 23 සඳුදා දින සිට ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම විභාග කාලසටහන සඳහා අද (2) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩල එකඟතාව ද පළවී ඇත.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත මෙම සංශෝධිත කාල සටහන ඉදිරිපත් කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අතිශය වැදගත් කාරණයක් වන්නේ සියලු දරුවන්ගේ වර්තමාන විෂය දැනුම පිලිබඳ සංඛාත්මක තක්සේරුවක් හැකි ඉක්මණින් ලබාගැනීමයි. මෙම දරුවන් මතු දිනක දීප ව්‍යාප්ත විභාග වලට (5 ශිෂ්‍යත්වය, සා.පෙ., උ.පෙ.) මුහුණ දියයුතු බැවින් ඔවුන්ගේ වර්තමාන විෂය දැනුම පිලිබඳ සබැ ස්වරුපය අධ්‍යාපන අමාත්‍යංශ දැනගැනීම ඉතා වැදගත්. අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමෙන් සැකසුනු (පළමු හෝ දෙවන) වාර විභාගයක් දීප ව්‍යාප්තව පවත්වා සියලු ලකුණු එක් රැස්කර විශ්ලේෂණය කර ගැටළු හදුනාගෙන පිළියම් යොදන්න. අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමෙන් සැකසුනු වාර විභාග ඉදිරි වසර සදහාද පවත්වා ලකුණු වල ප්‍රගතිය නියාමනය කරන්න. මෙම ක්‍රියාවලිය තව වසර 10 පමණ ලංකාව මුහුණ දිය හැකි භයානක අධ්‍යාපන අර්බුදය යම්තාක් දුරකට සමනය කරගැනීමට පිටිවහලක් වනු ඇත.