
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කාලගුණ ආපදාව සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් හෙට (18) උදේ 10.30 සිට සවස 6.30 දක්වා පැවැත්වේ.
මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලබන්නේ ආණ්ඩු පක්ෂය විසිනි.
කාලගුණ විපත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පසුගිය දිනවල දිගින් දිගටම ඉල්ලා සිටියහ.
කාලගුණ විපත සම්බන්ධයෙන් පොදුවේ සියලු දෙනා සාකච්ඡා කර ඊට කඩිනම් විසඳුම් ගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අම්බානෙක කටින් බතල හිටවයි. හරියට අපි ඔක්කොම මැරිලා ඉපදිලා වගේ. වෙලාව නාස්ති කිරීමක් මේ වෙලාවේ....