(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුව සමග කලකිරී සිටින මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් කරගෙන වෙනම බලවේගයක් ගොඩනැගීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය ධූරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඊට මූලිකත්වය ගෙන සිටින අතර, ඒ සඳහා එක්තරා ප්‍රසිද්ධ හිමිනමකගේ ද සහය ලැබී ඇතැයි දැනගන්නට තිබේ .
තනතුරු නොලැබීම සහ සංවර්ධන කටයුතු සඳහා සම්බන්ධ කර නොගැනීම ආදී කරුණු මත මෙන්ම ,ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කලකිරී සිටින ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමඟ මේ පිරිස සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ .
ආණ්ඩුවට බහුතර බලය නැති කරන බව හිටපු ඇමති විමල් වීරවංශ මහතා ඉකුත් දා මහනුවරදී ද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.
මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමට සහභාගී නොවී, එදින පාර්ලිමේන්තුවේ රැඳී සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සම්බන්ධයෙන් ද වාර්තා වී ඇතැයි දැනගන්නට ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බලවේග හැදෙන තරමට අපේ සර්ට හොඳයි.
ඔය කරන්න හදන්නේ 2015 ජාතික ආණ්ඩු හැදුවා වගේ දෙයක් කරලා නැවත බලයට ඇවිත් ජනතාව අමාරුවේ දමන්න. ආණ්ඩුවේ බහුතර බලය නැතිකොට රාජපක්ෂ පවුලේ තටු කැපීම හොඳ දෙයක්... නමුත් ඔබලා වැනි දේශපාලකයින්ට ලබන ඡන්දෙකදී මනාප දෙන්න අප සූදානම් නැත.
පුළුවන් නම් ආණ්ඩුවෙන් ඉවත්වෙලා විරෝධය පලකරන්න... නිකන් ෂෝ පෙන්නන්නැතුව...
පිරිමි, ගැහැණු කරන එක හැර අනෙකුත් සියලුම බලතල එක පුද්ගලයෙකුට බාරදෙන්නත්, පිටරැටියන්ට දේශපාලනය කරන්න අවස්ථාව දෙන්නත් මේ ගොල්ලෝම නේද අත්දෙකම උස්සලා ඡන්දෙ දුන්නේ?
දැන් දැන් මිනිස්සුන්ට වැටහෙනවා... හැදිය යුත්තේ... උගතුන්ගේ බලවේගයක් මිස ඉබේම 8 පාස් අයගේ බලවේගයක් නොවන බව... මේ හදන්නේ ආපහු පොල්පැලේ කන්න මිස, රට හදන්න නොවේ...
මේ වගේ තනතුරු වලට කෑදර දේශපාලුවන් නිසා රටට ඇති වුණු සෙතක් නැහැ. උගත්, බුද්ධිමත්, විෂය දැනුම පිළිබඳව දැනුම් තේරුම් ඇති රට ගැන හැඟීමක් තියෙන අය තමයි අවශ්‍ය. කළකිරුණු අය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. අවස්ථාවාදී කපටි, කෛරාටික දේශපාලුවන් කියලා නොදන්නවා නෙවෙයි...
ඔය විකාර අපට එපා... පෝලිම් නැත් කරන්න බැරිනම් ඉල්ලලා අස්වෙලා ගෙදර යන්න... අපි අලුත් ඡන්දෙදී කැමැති කෙනෙක් පත්කර ගන්නවා.
මේ හදන්නේ සජබ හම්බ ආණ්ඩුවක් හදන්නයි. ඒ කට නම් අපි එකඟ නැහැ හලෝ. ඔහෙලා කැකුණ තලනවිට සජබ - හම්බයින්ට රජ මගුල්...