
(ආරියරත්න රණබාහු)
කලා ක්ෂෙත්‍රයේ කුසලතා රැසකින් පෝෂිත සම්මාන නියද ප්‍රකට ප්‍රවීණ ජනප්‍රිය රංගධර ජැක්සන් ඇන්තනී මහතා අද පෙරවරුවේ දිවිසිනමාවෙන් සදහටම සමුගත්තේය.
ජැක්සන් ඇන්තනී මහතා
මීට වසර එකහමාරකට පමණ පෙර ආචාර්ය සෝමරතන දිසානායක යන්ගේ සිංහබාහු චිත්‍රපට යේ රූගත කිරිමකට සහභාගි වී ආපසු එමින් සිටියදි අනුරාධපුරය තලාව ප්‍රදේශයේ දි ඔහු ගමන් ගත් කැබ්රථයේ අලියකු ගැටිමෙන් සිදුවු අනතුරෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් දින 545ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
1958 ජුලි 8 වැනිදා රාගමදි උපත ලබ ඇති ජැක්සන් මහතා මියයන විට 65වන වියේ පසුවිය දක්ෂ නිළියක සහ ගායිකවක් වන කුමාරි මුණසිංහ මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන හෙතෙම රංගනයෙන් ගායනයෙන් නර්තනයෙන් දස්කම් දක්වන මාධවි වත්සලා, අඛිල ධනුද්දර සහ සජිත අනුත්තර යන දරුතිදෙනාගේ පියාද වේ.
ජැක්සන් ඇන්තනී කලාකරුවා වෙිදිකාව සිනමාව රෑපවාහිනිය යන මාධ්‍ය තුනම ජයගත්තෙකි. අසාහය රංගධරයෙක් ගායකයෙක් තිරකතා රචකයෙක් චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ටරයෙක්.,ගීතරචකයෙක්, නාට්‍ය වෙිදියෙක් කවියෙක්, චිත්‍රකතා සිත්තරෙක්, හඬ නළුවෙක්, සන්නිවෙිදක වරයෙක් පූරකයෙක්, ගුවන් විදුලි වැඩසටහන් අධ්‍යක්ෂ වරයෙක් ,දේශකයෙක්, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයක් භාෂාඟයෙක් රෑපවාහිනි වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, නවකතා කරුවෙක්, නර්තනශිල්පයෙක්, සහාය පුස් තකාලායාධිපතිවරයෙක්, සහ සාර්ථක යූටියුබර්. කෙනෙක්ද වේ. පනාපුත්‍රකුහුඹු පැනියා යන අන්වර්ථ නාමයෙන් පුවත්පත් තීරුලිපි රචකයෙක් ලෙසද හෙතෙම කටයුතු කළේය.
කුඩාකාලයේම සිය පියාගේ සහ සොහොයුරකුගේ මග පෙන්විම් යටතේ කලාලොව අත්පොත් තබා ඇති ජැක්සන් කලා කරවා.
මරාසාද් මධුර ජවනිකා, ලෝමහංස ධවල භිෂණ, අත් මෝරා තාරවෝ ඉගිලෙති, ඔත්තුකාරයෝ, මෙතැනින් මාරුවෙනු, යන වෙිදිකා නාට්‍ය වලද ඇල්ල ළග වලව්ව පළිඟු මැණිකේ, සුසිමා වෙද හාමිනේ, අකාල සන්ධ්‍යා , දඬුබස්නාමානය, පිටගම්කාරයෝ, අප්පච්ච් සහ කඩුල්ල යනටෙලි නාට්‍ය තුළින් අමතක නොවන චරිත නිරුපනයන්හි යෙදුණෙකි.
විජය ධර්ම ශ්‍රි ගේ ගුරු ගෙදර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි මෙම රංගධරයා ලොකු දුව , බව දුක, බවකර්ම විසිදැල ගිනි අවි සහ ගිනි කෙළි ,ගරිල්ලා මාකටින් රන්දියදහඑ, සූරිය අරණ ප්‍රවේගය, මහරජු ගැමුණු , ඇඩ්රස් නෑ, ධර්ම යුද්ධය ,අයෝමා, අග්නි දාහය, අස්වැසුම,මිල්ලේ සොයා, කුරුළු පිහාටු ,උදුම්බරා, ඝරසරප, ආදි චිත්‍රපට රැසක චරතාංග තුළින් සිංහල සිනමාව පෝෂණය කළේය.
ඔහු අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය අතර ඇසළ කළුවඑ, දස්කොන්,සහ සී රජ,ද චිත්‍රපට අතර ජුලියට්ගේ භුමිකාව අබා සහ ඇඩුස් නෑ, තිරගත විමට නියමිත එකගෙයි සොකරි, දේවි සම්බුලා ද වේ.
සුසීමා ටෙලි නාට්‍ය සඳහා ඔහු ගායනාකළ දැස පියා ගත් කළ, ගිතය අදටද ජනප්‍රිය ගීතයකි.ඇසළ කළුවර ටෙලිනාට්‍යයේ සුවඳයි මල් සුවඳ සේ ගිතය ජැක්සන් ගේ පදරචනයකි. විසිහය වතාවක් හොඳම නළුවා සම්මානයෙන් පුද ලද මෙම රංග ධරයා ඉන් දහසය වතාවක් සිනමා සිත්තම් සඳහා ලබා ගත්තේය.
හපුගොඩ කනිෂ්ඨ ,බණ්ඩාරවෙල ශාන්ත මරියා ගලහිටියාගොඩ මහා විද්‍යාලය යන පාසල වල ආදී ශිෂ්‍යයෙකු වන වන හෙතෙම කොළඹ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයන්හි ශාස්ත්‍ර වෙිදි සහ ශාස්ත්‍රපති උපාධිධාරියෙක්ද වේ.
උපතින් කතෝලික වුවද බෞද්ධ දර්ශනය සහ ඉතිහාසය පිළිබඳව ද ලංකා සහ ලෝක ඉතිහාසය ගැනද මනා පරිචයක් තිබු අයෙකු බව රුපවාහිනි වැඩසටහන් හරහා පළකර තිබ අයෙකි.
දේහය අද (10)පෙරවරු 9.00 සිට රාත්‍රී 10,00වන තුරු බොරැල්ල ජයරත්න මල් ශාලාවෙි (Respect) තැන්පත් කර තිබෙන අතර 11වැනිදා පෙරවරුවේ සිට කඩවත රාගම පාර වනිගසූරිය වත්ත90/ඒ/8 නිවසේ තැන්පත් කරන බව පවුලේ ප්‍රකාශක යෙක් පැවසීය. අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (12) රාගම ශුද්ධවු පේදුරු සහ පාවුළු දේවස්ථානයේදි සිදු කෙරේ.
--------------------------------------------
ප්‍රවීන රංගන ශිලිපී ජැක්සන් ඇන්තනී මහතා මාස 14කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ.
අනුරාධපුර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කිරිම අතර තුර ඔහු ගමන් ගත් මෝටර් රථයේ වල් අලියකු ගැනීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු දීර්ඝ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබීය.
මිය යන විට 65 හැවිරිදි වියේ පසුවිය. චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන්සැප ලැබේවා…! ඔබ ලංකාවේ අපූරු සංකේතයකි. හාස්‍යයද සංත්‍රාසයද එක ලෙස රගදැක්විය හැකි අපූරු දක්ෂයෙකි. ඒත් එක් නරුම දේශපාලකයෙක් ඔබවත් අන්දවා කළු පැල්ලමකුත් ඔබට ත්‍යාග කලා. නමුත් අපට ඒවා අදාල නැත. ඔබ අපේය …..
අපි කවුරුත් කෙනෙක්ගේ මරණය ප්‍රාර්ථනා කරන්නේ නෑ. නමුත් හුඟක් මිනිස්සු වෙනස් උනා. මේ කේස් එක නිසා. දේශපාලනිකව කුණු වෙලා ජරාජීර්ණ වෙච්ච රටක, තව එක කුණු කතාවක් මෙතන තියෙනවා. ජැක්සන් ට හුඟක් සම්මාන ලැබිල ඇති එයාගේ රස්සාව / වුර්තිය පැත්තෙන්. නමුත් මැරුනෙත් තව රෙකෝඩ් එකක් තියලා. අපේ අම්මා තාත්ත කුඩා දූ දරුවෝ ICU එකේ උපරිම දවස් 3යි. ගෙදර ගෙනියන්න කියනවා. මෙයා අවු 2 කට කිට්ටුව, එතන ඇඳ තනියම අල්ලාගෙන හිටියා. දරුවෝ කොච්චර් මැරෙන්න ඇද්ද ඒ ඇඳ ගන්න වාසනාව නැතුව. දැන් ගෙදර ගෙනියන්න කියල රටෙන්ම කියන කොට එක පාරටම මැරුණා. එක පුතෙක් කිව්වා ගිය සුමානෙත් ඇහිපිල්ලන් ගැහුවා. ඇඟ හෙලෙව්වා, දැන් හොඳ වෙනවා වගේ කතා. කිසිස්ම දොස්තර කෙනෙක් කටක් ඇරියේ නෑ මේ ගැන. මිනිස්සු කොච්චර අසරණද, දේශපාලන හයිය නැතුව.
ජැක්සන් ඇන්තනී... ඔහු කලාතුරකින් බිහිවන අපූර්ව නිර්මාණ වේදියෙකි..ඔහු දෙසබලා ඔහුගෙන් ආභාසයද නිර්මාණ හැකියාව දියුණු තියුණු කරගත් පිරිස බොහෝය... කළ හොද ඉක්මනින් පසෙකලා නුගුණම සොයන ඇතමුන් සිදුකළ පරිභව ඔහුට ඇසුනේ නැත.. එහෙත් ඔහුගේ ළබැදියන්ට එය හදපාරණ විස ඊතල වූවා නිසැකය.. ජැක්සන් නම් මේ කලාකරුවා අපූර්වතම සංස්කෘතික මිනිසෙක්ම විය. ඔහුගේ අක්මුල් රැදි ජීවන පසුබිම පිළිබඳ වූයේ දැඩි ප්‍රේමණීය භක්තියකි.. ඒ අන්‍යයතාව රැකගෙනම ඔහු හෙළ බොදු සංස්කෘතිය කෙරෙහි දැක්වූ ළබැදි ගරුත්වය අගය කළ යුතුමය.. කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්...!
ඉස්සර ජනතාව පිළිගත්ත දෙයක් තමයි එකම පවුලේ දරුවො දෙදෙනෙක් එකම දිනයේ විවාහ නොවිය යුතුය කියලා .මම ඇත්තටම දන්නෙ නැහැ මෙතුමාගේ දරුවො එකම දවසේ විවාහ වුනාද කියලා. අතීතයේ ජනතාව කියන්න ඇත්තේ එහෙම කරන්න .ඒ කාලයේ ආර්ථිකය ශක්තිමත් නැතිනිසා වෙන්නත් ඇති. නමුත් අතීත ජනතාව විශ්වාස කල එම අදහස ගැන කවුරු හෝ සොයා බැලුවොත් හොදයි කියලා කියන්න පුළුවන්. කොහොම වුනත් ඔහු බලාපොරොත්තුව සිටි ආකාරයෙන්ම ඔහුගේ ආත්මයට යහපතක් වේවා.
නිවන් සුව ලැබේවා මහා කලාකරුවාණෙනි .සදා අමරණීය චරිතයක්
දක්ශ කලාකරුවෙක් පසුව රාජපක්ශලගෙ නලාකරුවෙක් විය. නලාකරුවා මිස්සුන්ව ඇන්දුවා රාජපක්ශලා බුදු හමුදුරුවන්ට නෑදායො වෙනව කියල. පසුව ඒ සාපය පලදුන්නා අලියෙක් ගහලා
බුදු හාමුදුරුවන්ට ලංකාවෙත් නෑයෝ ඉන්න බව පෙන්නලා දුන්න එකම අපට මදි ද? ඒ පිනෙන්ම නිවන් සුව ලැබේවා.
නිවන් සුව ලැබේවා
දැන්වත් සමාදානයේ සැතපෙන්න ඉඩ දෙන්න !
සුභ ගමන් පන පුත්‍රගේ කුහුඹු පනියාණෙනි
ඔබතුමා කරපු සුන්දර වැඩසටහන් අපට තාමත් මතක් වෙනව. සලන්හන්තේ කියල දකුණු අප්‍රිකාවෙ කරපු වැඩසටහන බලන්න අපි ඇඟිලි ගැන ගැන හිටියෙ ඒ කාලෙ. ගඟ දිගේ තවත් ඒ වගේ සුන්දර වැඩසටහනක්. අනිත් එක මහා සිංහලේ වංශකතාව. ඉතිහාසය සුන්දර ලෙස විග්‍රහ කල වැඩසටහන. අනේ ඉතින් ඒ වගේ මනුස්සයෙක් ආයෙ කවදා නම් මාධ්‍ය කලාවට එයිද....... ඔබතුමාට නිවන් සුවයම ලැබේවා!!!
නිවන් සුව සොඳුරු කලාකරුවානනි!!
නිවන් සුව කලා කරුවාණෙනි
ඔච්චර දවස් වෙන්ටිලේටර් එකේ තියාගෙන ඉඳලා දැන් හොඳයි දැන් හොඳයි කියලා අන්තිමට මැරිලා ගියා
දැන් ලංකාවේ ගොඩ දෙනෙක්ට නින්ද යයි .යූ ටියුබ් කරන 'සුදාට' වගේ .වෙන්ටිලේටර් එකක් හිස් උන නිසා
පව් කාරයෙක්.අසරණ ළමයි කීයක් මැරුණද මෙයා නිසා
අවුරැදු 65ට අවුරැදු 650ක වැඩ කළ මනුස්සයෙක්. නිවන් සුව ලැබේවා!
මෙතුමා පුස්තකාලයක් වගේ. ඒ තරම් දැණුම. කිසිම දවසක වචනයකින් වත් රටට ජාතියට බුදුදහමට හානියක් කළේ නෑ. මෙතුමා නැති රික්තකය පුරවන්න කෙනෙක් නැහැ. රටටම පාඩු සමු ගැනීමක්.
ඇති යන්තං, දැන් ඉතින් දැඩි සත්කාර ඒකකයේ ඔහුගේ ඇඳ, ඇත්තටම ජීවත් කරවිය හැකි වෙනත් අසරණ රෝගියෙක් වෙනුවෙන් වෙන් කරන්න පුලුවන්. කවදාවත් නො මැරෙන මිනිස්සු වගේ ජීවත් වුණා ම කාටත් ඔහොම තමා
මොහු ප්‍රථිකාර ගත් රෝහලේ වෛද්‍යවරුන්ට අනුව මොහුගේ මොලය මැරිලා දැන් ගොඩක් කල්. සාමාන්‍ය රෝගියෙකු නම් මොලය මැරුනම ජීවිත ආධාරක යන්ත්‍රය ගලවනවා. මොහු මෙච්චර කල් හිටියේ දේශපාලන හයියෙන්. සැබෑවටම ජීවිත ආධාරක යන්ත්‍රයක් අවශ්‍ය අසරන රෝගීන් මැරුන නිසා සමාජයන් එල්ලවූ පීඩනය නිසා තමයි ඔය මැෂින් එක ගලවල තියෙන්නේ නැත්නම් කල්ප විනාශය වෙනකන්ම ඔහු මැෂින් එකේ.
නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා මහා කලාකරුවාණෙනි
කලාකරුවකු ලෙස ලංකාවට බිහිවුන දක්ශ කෙනක්..ඒත් අන්තිම හරිය තමයි පව් දේශපාලනයට ඇවිත් අනාගත්තෙ නිවන් සුව!
අති දක්ෂ කලාකරුවෙක්... ටෙලිනාට්‍ය, වැඩසටහන්වලින්, චිත්‍රපටිවලින් ඔය අපිට දුන්නු දේක නිම කළ නොහැකියි. ඒත් දේශපාලන නිසා අනාථ වුණා. අනෙක් අයටත් හොඳ පාඩමක්...!
ජැක්සන් යනු විවිධ කුසලතා වලින් පිරී දක්ෂ රන්ගදරයෙක්.ඔහු කවදා හෝ සුවපත් වෙයි කියලා අපි විස්වාස කළා.ඒත් ඔබ අප අතහැර යන්ඩම ගියා.හරිම කණගාටුදායකයි මතක් වෙනවා කලු ගග දිගේ,වැඩ සටහන ඔබ ඉදිරිපත් කරපු හැටි .ඔබට මොක්සුව ලැබේවා !
මේකේ දාන අදහස්වලට අකැමැත්ත ප්‍රකාශ කරන්න වෙනමම කණ්ඩායමක් හදලා වගේ...!
අසාමාන්‍ය බුද්ධියක් හිමි අති දක්ෂ කලාකරුවෙක්, ඔබට නිවන් සුව, අර පක්‍ෂට පක්‍ෂපාති නැති මොහුට පමණක් නොව හැමෝටම කුණු පදහදන මිනිහෙක් මැරුණත් කිසිම සංවේදීකමක් නැතිකමෙන් රටේ පිළිකුලට භාජනය වීම වැළැක්විය නොහැකියි. තමන් කැමති පක්‍ෂයකට වැඩකරන එක කතාකරන එක මූලික මිනිස් අයිතිවාසිකමක්...!
අප කිසිවකු අවේ කොහෙන්ද යන්නේ කොහෙද කියා නොදැන සසරේ අතර මන්ව සිටි. එනමුත් නැවත නොඑන්නට මාර්ගය බුදු දහමේ කියා දී ඇත..
නිවන්සුව ලැබේවා...!