IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොලේ වහලා රබර් බුෂ් ගෙනත්

(සුජිත් හේවාජුලිගේ )

ලංකා පොස්පේට් සමාගම ඛනිජ ඇඹරුම් යන්ත්‍ර සඳහා යොදාගන්නා ‘රබර් බුෂ්’ ගබඩාවේ තිබියදී ඒවා පාවිච්චියට ගත නොහැකි බව දන්වමින් එම ඒකක දෙසීයක් වැඩි මිලට ආනයනය කිරීමෙන්  ආයතනයට රැපියල්  එක්කෝටි පනස් හත්  ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කර අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙලෙස මිලදී ගත් තොගය  පසුගිය වසරේ (2024) අප්‍රේල් මාසය වනවිටද භාවිතයට  නොගෙන නිකරැණේ  ගබඩා කර තිබූ  බව එම වාර්තාවේ දැක්වේ.

එම රබර් බුෂ්වලට අමතරව සම්බන්ධක ඇණ ඒකක ( coupling bolt) එකසිය අනූඅටක්ද ලැබී  තිබුණද එම ඇණ වලින් යන්ත්‍රයට කිසිදු ප්‍රයෝජනයක්  නොමැති බැවින් ඒවාද ප්‍රයෝජනයට ගෙන නොතිබූ  බව  විගණන වාර්තාව සඳහන් කරයි.

ඒකකයක් රුපියල් 350 බැගින් රුපියල්   70,000  කට මිලදී ගැනීමට  හැකියාව තිබියදී රබර් බුෂ් ඒකක දෙසීයක් ඒකකයක් රුපියල් 79,082 කට  මෙලෙස ආනයනය කිරීමෙන් මෙම පාඩුව සිදුව අැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර  එම සමාගම රුපියල් තුන් කෝටි පනස් අට  ලක්ෂයක් වැය කර මිලදීගෙන තිබූ ක්‍රෂර් යන්ත්‍රයක් භාවිතයට නොගෙන සමාගම් පරිශ්‍රයේ රඳවා තිබුණු බවද  වාර්තාවේ සඳහන්වේ.

එසේම සී.අයි.සී සමාගමට අලෙවි කරන ලද ඊ ආර් පී පොහොර මේට්‍රික් ටොන් 393ක් නියමිත රොක් පොස්පේට් ප්‍රතිශතය නොතිබීම හේතුවෙන් එම තොගය  ආපසු ඒවා තිබූ බවත් ඒ සඳහා ප්‍රවාහන වියදම් හා පැටවීමේ කුලී වියදම් ලෙස ලක්ෂ දාහතකට වැඩි මුදලක් නාස්තිවී  තිබූ බවත්   වාර්තාවේ දැක්වේ.

අනතුරැව   එම පොහොර තොගයට එප්පාවල  රොක් පොස්පේට්  මිශ්‍රකර   2023 වර්ෂයේදී   නැවත  සැකසීම කර ඇතත්  ඒවා අලෙවි කර නොතිබූ බව විගණන අංශ පවසයි  

මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා පොස්පේට් බ  සමාගමේ 2023 / 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන  ලේඛනයේය.



අදහස් (2)

කොලේ වහලා රබර් බුෂ් ගෙනත්

Nandalal de Silva - France Monday, 02 June 2025 10:02 PM

ඔය ඉතින් කරලා තියෙන්නේ තවත් රාජකීය ගැහිල්ලක්! ලොකු පුටුවල ඉඳන් ඇණවුම් වලට අත්සන් ගහපු කොමිස් කාක්කන්ට, මහ උළු ගෙදරට කුදලාගෙන යාම පරක්කු වුණා වැඩියි, දැනටමත්...

:       0       0

Bunny Preena Tuesday, 03 June 2025 08:41 AM

සැලසුම් සහගතව මුදල් වංචා කිරීමේ අරමුණින්ම සංවිධානාත්මකව කළ වැඩක් බව හොඳටම පැහැදිලියි. ඔවුන්ටද වැලිකඩ බන්ධනාගාරයේ දොරවල් මතු දිනයකදී විවෘත වනු ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site