(රංජන් කස්තුරි)

දේශපාලන හෝ වෙනත් කිසිදු බලපෑමකට යටත් නොවී මත්පැන් කාලේ බෝතල තහනම් කිරීමට තමා සූදානම් යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹදී අද (24) පැවසීය.

පරිසර අමාත්‍යාංශයන් රජයන් තීන්දු තීරණ ගන්නේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය ගැන සලකා මිස වෙනත් හේතුන් ගැන සලකා නොවන බවද මහින්ද අමරවීර මහතා කීවේය. 

මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කළ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණශාලාවේදී අද (24) පැවති අතර එහිදී මධ්‍යයට අදහස් දක්වමින් අමරවීර මහතා කීවේය.