
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඊශ්‍රායල සහ ඉරාන යුද තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කලින්ම බැහැරව ගොස් තිබීම නිසා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා කටයුතු කළේය.
අද පාර්ලිමේන්තුව ඇරැඹුමේදීම අදාළ යෝජනාව කල් තැබීමේ අවස්ථාවේ විවාදයට ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය සභාවෙන් ඉල්ලා සිටි අතර අද දින විවාදයට නියමිතව තිබූ කල්තැබීමේ විවාදය පසුවට තබා ආණ්ඩු පක්ෂයට සජබ යෝජනාවට එකඟතාව පළ කළේය.
ඒ අනුව අද පස්වරු 3.30ට අදාල කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය කෙරිණි.
පාර්ලිමේන්තුවේ නියමිත විවාදයෙන් අනතුරුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ඇරැඹීමට සූදානම් වුවද කල් තැබීමේ විවාදය ඉදිරිපත් කළ අජිත් පී. පෙරේරා මහතා සභාවේ නොසිටියේය.
ඒ අනුව සභාව කල් තබන බව නියෝජ්‍ය කතානායකවරයා නිවේදනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුව රස්සාව කරගත් කට්ටිය තමයි සජබේ ඉන්නේ, රට විතරක් නොවෙයි ලෝකයත් රවට්ටන්නයි උත්සාහ කෙරුවේ. අදත් ආණ්ඩුව විවාදයට කාලය නොදෙයි කියලා හිතාගෙන වැඩේට බහින්න ඇත්තේ, අන්තීමට විපක්ෂයේ අමුඩයත් ගැලෙව්වා අනුර කූමාර.....
ටොමියව බලන්න යන්න ඇති..
මේ අය දැන් මහජන බදුමුදල් කාබාසිනියා කරමින් දවස් දෙකක්ම හැමිනුණා නේද? ඔය කියන විවාදේ ඕනේ කියලා...
මෙයා නියම බොරු කාරයෙක් කියලා අපි දන්නවා. ලොකු සද්දයක් දාලා පාර්ලිමේන්තු වැඩ කටයුතු අවුල් කරලා හොරෙන්ම වගකීමක් නැතුව මාරු වෙලා ගිහිල්ලා. මෙන්න සජබේ ගෝල බාලයන්ගෙ වැඩ.මේ ගොල්ලන්ට ඉතින් ඡන්දෙ දෙන එක මොන අපරාධයක්ද???