IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කුලී ගමන් යන මුවාවෙන් ගංජා රැගෙන ගිය ත්‍රිරෝද රියදුරු අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා)

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් (02) පස්වරුවෙදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 

බුද්ධි නිලධාරින්ගෙන් ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් දර්ගා නගරයේ අඹගහහන්දියේ රැක සිට මතුගම දෙසින් පැමිණි ත්‍රි රෝද රථය නවතා එය පරික්‍ෂා කර ඇතත් මත්කුඩු සොයාගැනිමට නොහැකිව ඇත. 

පසුව සැකකරුගේ කමිසය ගලවා පරික්‍ෂා කිරීමේදී බැනියම සහ කමිසය අතර සොපින් කවරයක බහා සගවාගෙන සිටි කේරල ගංජා ග්‍රෑම්  100 ක් සොයාගෙන ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

 
මෙසේඅත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිපැන්න බොන්දුපිටියේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය කියයි. සැකකරු කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

කඵතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න සහ කලුතරකොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස සහ නිශාන් සිල්වාඅලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂකඅශෝක කරුණාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්‍ෂක රාජිත ගුරුසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් 6512 අජිත් කොස්තාපල් වරුන්වන 78651 ප්‍රසාද් යන නිලධාරින් වැටලිමට එක්වුහ.



අදහස් (0)

කුලී ගමන් යන මුවාවෙන් ගංජා රැගෙන ගිය ත්‍රිරෝද රියදුරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site