(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගුව බාරයේ තිබූ කල්ඉකුත් වූ නාඩු සහල් මෙට්‍රික්ටොන් 208 ක් (කිලෝ 208000) කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගාල්ල, කරන්දෙණිය පිහිටි යුද හමුදා පොදු සේවා බලකා කඳවුරට ලබාදුන් බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
මෙම සහල් තොගය 2018 වසරේ පාකිස්තානයෙන් ආනයනය කර රේගුවෙන් නිදහස් කරනොගැනීම නිසා රේගු බාරයේ පැවැති කාලය තුළ කල්ඉකුත් වී ඇති බව සඳහන් කළ එම නිලධාරියා යුද හමුදාවේ ඉල්ලීමකට අනුව එම සහල් තොගය පොහොර නිෂ්පාදනයට ලබාදුන් බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම හාල් වලට විදේශ විනිමයක් වැයවී නැද්ද.වැය වුනේ නම් මෙම නාස්තියට වගකිව යුත්තේ කවුද ඇත්තටම මෙයින් එවැනි විනිමය නාස්තියක් වුනා නම් එම විනිමය නාස්තිය වෙනුවෙන් දඩුවම් දෙන ක්‍රමයක් සකසන්න බැරිද
අලාභය වගකීම 2018 ආහාර ඇමති භාරගත යුතුයි