(මනෝ ප්‍රිය ගුණසේකර)
කුඩු නඩුවක් විභාග කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් (Tial At Bar) පත් කරන ලදී.
කුඩු කිලෝ 198 ලංකාවට රැගෙන එන අතර තුර මහ මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ විත්තිකරුවන් පස්දෙනකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මෙලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කොට ඇත.
ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් ජාවාරම් කරුවන්ට එරෙහි මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා එය විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරුවරයා මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කොට ඇත.
ආදිත්‍ය පටබැඳි මහතා සභාපති සභාපතිත්වය දරන මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් මංජුල මංජුල තිලකරත්න මහතා සහ මහේන් වීරමන් මහතා කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඒ සඳහා හෙරොයින් කිලෝ 198 ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ එම හෙරොයින් තොගය ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන් පස් දෙනාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනු කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිලෝ 198ක කුඩු නඩුව විභාගයට ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ලක්