(සිතුම් චතුරංග)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා රුපියල් ලක්ෂ පහක වටිනාකමින් යුත් කේරළ ගංජා ක් රැගෙනයමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඊයේ (04) වවුනියාව ඊරට්පෙරියකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා කේරළ ගංජා ජාවාරම් සිදුකරන බවට ලැබුණ තොරතුරක් මත වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

යාපනයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් මෙම කේරළ ගංජා තොගය රැගෙනවිත් වවුනියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත ලබාදීම සඳහා සැකකරුවන් විසින් කේරළ ගංජා සූදානම් කොට තිබූ බවට අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.