(එච්. චන්දන )
හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 04 යි මිලි ග්‍රෑම් 500 ක් රැගෙන යතුරු පැදියකින් ගමන් ගත් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක අංශය කියයි.
සැකකරු හෙරෝයින් මත් කුඩු රැගෙන ගිය යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.
හෙරෝයින් මත් කුඩු සමග අත්අඩංගුවට සැකකරු සහ ඔහු සතුව තිබූ මත් කුඩු වැඩිදුර විමර්ශණ කටයුතු සදහා පුත්තලම පොලීසියට බාර දීමට වැටලීම කළ කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයට කරුණ නම් මෙතරම් පල්හොරු, කුඩුකාරයන්, කසිප්පුකාරයන්, මහජන මුදල් හොරා කන්නන් "ඒ හැම එකක්ම කල්ලතෝනියන් වීමයි". මක්නිසාදයත් " මේ කාටවත්" නමක් ගමක් හෝ අඩු තරමින් හැඳුනුම්පතක්වත් නැතිවීම මෙන්ම මෙවන් තනතුරු කල්ලතෝනියන් ලබාගන්නේ කෙසේද යන ගැටලුව මෙන්ම ඒ පිළිබඳව කිසිඳු ලාංකිකයෙක් ප්‍රශ්න නොකිරීමත් පුදුමයකි. තවද දුපතක් වන අප රට අවට නාවික හමුදාවේ ආරක්ෂාව පිළිබඳව විශාල ගැටළුවක්, හිස්තැන් තිබෙනවා නොවේද? එසේ නොවේ නම් මෙසේ කල්ලතෝනියන් අප රටට ඇතුළුවන්නේ කෙසේද? රටේ මුල් පුරවැසියාගේ අවධානය යොමු වේවා...!!!
අපේ ගෞරවනීය මහජන නියෝජිතයන් සාදරයෙන් පිළිගනිමු. එනවතාවෙත් ඡන්දය දෙමු.
මේවා ප්‍රසිද්ධ කරන්න එපා. මහින්ද දැක්කොත් හෙලිකොප්ටර් එකෙන් ගිහින් මෙයාව බදාගෙන ආරක්ෂා කරාවි...!!!
එල්ලුම් ගහට යවන්න සෙට් එකම...
ලංසාගේ කුඩුද කියලා බලන්න වෙන්නැති...!!!
කරුවල පළාත හින්දා පොලිසියට පේන්නේ නැහැයි කියලා හිතන්න ඇති.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා පරීක්ෂා කරලා නම් ගම් 500කට වඩා අල්ලන්න බැරිවෙයි. වැඩි වැඩියෙන් අල්ලන්න ඕනෑ නම් පළාත් සභා මන්ත්‍රීලා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා යාන වාහන පරීක්ෂා කරන්න වෙනවා.